Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

06th March 2023 23:37:21 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අන්තර් බළඇණි සංග්‍රාමික වෙඩිතැබීම් තරඟාවලිිය - 2023

යුද හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරඟාවලිය සාර්තකව ජයග්‍රහනය කිරීම සඳහා කණ්ඩායම් සූදානම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බළඇණි අතර පවත්වනු ලබන අන්තර් බළඇණි සංග්‍රාමික වෙඩිතැබීම් තරඟාවලිය, 2023 මාර්තු මස 01 වන දින සිට 03 වන දින දක්වා මුල්ලියාවේලි කරන්චි වෙඩි පිටියේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

66 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්කේඑන්සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පුර්ණ අධීක්ෂණය යටතේ පාබල හමුදා රෙමේන්තුවට අයත් දක්ෂ වෙඩිකණ්ඩායම් සමගින් පවත්වනු ලැබූ මෙම තරඟාවලිය සඳහා නිලධාරීන් 58 දෙනෙකු හා සෙසුනිලයින් 132 දෙනෙකු සහභාගී විය. විශේෂ පුහුණු වට කීහිපයකින් පසුව තෝරාගන්නා ලද කණ්ඩායම් සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ මෙම තරඟාවලියේ දී ප්‍රථම ස්ථානය 12 ශ්‍රීලපාහ බළඇණිය විසින් හිමිකරගත් අතර, දෙවන ස්ථානය 20 ශ්‍රීලපාහ බළඇණිය හා තෙවන ස්ථානය 7 ශ්‍රීලපාහ බළඇණිය විසින් ද හිමිකරගන්නා ලදී.

මෙම තරඟාවලියේ සමාප්ති උත්සවය 2023.03.05 වන දින පැවති අතර, ජයග්‍රහණ හිමිකරගත් බළඇණි වෙඩිකණ්ඩායම් හා වෙඩිකරුවන් වෙත ත්‍යාග සහ සහතිකපත් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීිඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූූ ජ්‍යේෂ්ඨ නිලධාරී සුරතින් සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක එම්පීඑස්පී කුලසේකර ඩබලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු ජ්‍යේෂඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගි විය.