Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th July 2019 05:41:48 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමාගේ රෙජිමුබ ශ්‍රීලපාහ බුස්ස කඳවුරු සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2019 ජුලි මස 26 වන දින රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ කඳවුරු සංචාරයෙහි නිරත විය.

කඳවුරු පරිශ්‍රයට පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට කඳවුරු සම්මාන මුරයක් ලබාදෙමින් ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්එම්එස් රාජකරුණා ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ඒකකයේ සියලු නිලයින් විසින් ඉමහත් ගෞරවයෙන් එතුමන්ව පිළිගන්නා ලදී.

මෙම කඳවුරු සංචාරය සිහිවිම පිණිස එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරිමෙන් අණතුරුව ඒකක අණදෙන නිලධාරි තුමා විසින් ඒකකයේ සිටින රණක්ෂිතයට පත් සෙනින් වෙනුවෙන් සිදුකරනු ලබන කාර්යන් හා දැනට කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකර ඇති සහ ඉදිකරමින් පවතින ගොඩනැගිලි සහ බළඇණිය වෙත ඉටුකර ගත යුතු අවශ්‍යතා සබැදිව රෙජිමේන්තු අධිපති තුමන් වෙත පැහැදිලි කිරිමක් අණදෙන නිලධාරි කාර්යාලයේ දී සිදුකිරිමෙන් අණතුරුව රෙජිමේන්තු අධිපති තුමා විසින් ඒකකයේ සියලු භඨපිරිස් අමතන ලදී. පසුව එතුමන් කඳවුරු නිරික්ෂණ චාරිකාවක යෙදුනු අතර එහිදි රණක්ෂිතයට පත් ඒකකයේ සියලුම සෙනින්ගේ අවශ්‍යතා ඉටුකර ගැනිම සබැදිව අවශ්‍ය උපදෙස් හා මගපෙන්විම් ලබාදෙන ලදී.

තවද රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරි වරයෙකු ලෙස සිට ප්‍රථම වරට ශ්‍රී ලපාහ රෙජිමේන්තු අධිපති ලෙස පත්විම මෙන්ම සිය ප්‍රථම ඒකක සංචාරය ලෙස මෙම ඒකකය තෝරා ගැනිම ඒකක අණනෙ නිලධාරි තුමා ඇතුලු සියලු නිලයින් හට මහත් අභිමානයක් ගෙන දෙන්නෙකි.

මෙම සංචාරය සදහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී අර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා නිලධාරින් සහභාගි වන ලදී.