Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

02nd May 2018 15:19:15 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව විසින් වෙසක් පුන් පොහෝදා සිදුකල ආගමික වතාවන්

අප බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරමින් බෞද්ධයන් විසින් පවත්නු ලබන වෙසක් උත්සවයට සමගාමිව 2018.04.29 වන දින යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේ සිල් සමාදන් වු 3700ක් පමණ බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් උදා, දිවා, සවස, රාත්‍රී හා පසුදින උදෑසන ගිලන් පස පිළිගන්වමින් ආගමික වතාවත් ඉටුකරන ලදී.

තවද වෙසක් අසිරිය පෙන්විම සදහා මෙම රෙජිමේන්තුවට අයත් ඒකකයන් වෙතින් වෙසක් කාළාපයන් සඳහා දර්ශනීය පහන් කුඩු නිර්මාණය කරන ලදී. මෙහිදි බෞද්ධ රශ්මිය වෙසක් කළාපය සඳහා 9 (සෙව්) ශ්‍රීලපාහ ඒකකය වෙතින් නලපාන ජාතකය පිලිඹිබු වන වෙසක් කූඩුවක් ද, බෞද්ධාලෝක වෙසක් කළාපය සඳහා 8 ශ්‍රීලපාහ ඒකක විසින් චුල්ලපදුම ජාතක කථාව නිරූපනය වන වෙසක් කූඩුවක් ද, පනාගොඩ වෙසක් කළාපය සඳහා 4 ශ්‍රීලපාහ ඒකකය විසින් මුචලින්ද නාගදරණ පිළිඹිබු වන වෙසක් පහන් කූඩුවක් ඉදිරිපත් කර තිබුණි.