Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th November 2018 09:37:36 Hours

වෙඩි පිටියේ දස්කම්පෑ පාබල විරුවන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුලු අවි සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු වෙඩිතැබීමේ තරඟාවලිය - 2018, වර්ෂ 2018 ක් වු ඔක්තෝබර් මස 25 දින සිට නොවැම්බර් මස 03 දින දක්වා යුද්ධ හමුදා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල - දියතලාව හි සංග්‍රාමික වෙඩි පිටියේදී සාර්ථකව පවත්වන ලද අතර, එම තරඟාවලියේදි ඉතා මැනවින් ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගනිමින් හා නිවැරදිව, වේගවත්ව ඉලක්ක පත් වෙත යොමු වෙමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට 24 වන සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදා වෙඩිතැබිමේ කණ්ඩායම සමත් විය.

මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තම දක්ෂතා මැනිවින් පිළිබිඹු කරමින් බ්‍රිගේඩියර්/මේජර් ජෙනරාල් නිළයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තරඟයේදී ලකුණු 212 ක් ලබාගනිමින් සමස්ථ තරඟාවලියේදී ජ්‍යෙෂ්ඨ නිලධාරි අංශයේ දෙවන ස්ථානය දිනාගැනීමට සමත්වු අතර, මෙම වාර්තා කරන ලද ලකුණු ප්‍රමාණය අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබිමේ තරඟාවලි ඉතිහාසයේ මේජර් ජෙනරාල් නිළයෙන් ඉදිරිපත් වී ලබාගන්නා ලද වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා පාබල හමුදා වෙඩි තැබිමේ කණ්ඩායම නියෝජනය කල 5 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි මේජර් ටිඑන්ආර්කේ තෙන්නකෝන් ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි අණදෙන නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානයද, 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ ලුතිතන් ඒසිපී කුමාර ශ්‍රීලපාහ ආධුනික අංශයේ දෙවන ලුතිතන් නිළයේ තුන්වන ස්ථානයද , 1 ශ්‍රීලපාහ ඒකකයේ සෙ/318303 සැරයන් අජිත් ජිඩී ආධුනික අංශයේ සැරයන් නිළයේ ප්‍රථම ස්ථානයද , 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ සෙ/5ඩී02578 ලාකෝ විජේරත්න ජිඑච්ජී විවෘත අංශ තරඟයේ ප්‍රථම ස්ථානය, ලාකෝ නිළයේ ප්‍රථම ස්ථානය හා සමස්ථ තරඟාවලියේ දෙවන ස්ථානය ලබාගනිමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට සමත් විය.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබිමේ තරඟාවලියේදී අති විශිෂ්ඨ දක්ෂතා දැක්වුවන් සඳහා යුද්ධ හමුදාපති තුමා විසින් හිමිගන්වනු ලබන පදක්කම හා ප්‍රගුණ වෙඩික්කරු ලාංජනය පැළදීමේ භාග්‍යය හිමිකරගනිමින් ශ්‍රී ලංකා පාබල හමුදාවට මහත් අභිමානයක් ගෙනදුන් මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු කපිතන් එච්ආර්එන් සංජීව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ, කපිතන් ජීඑච්එස් චින්තක ශ්‍රීලපාහ, 2/ලුතිතන් ඒසීපී කුමාර ශ්‍රීලපාහ, සෙ/316476 බනි 11 වික්‍රමසිංහ එම්අයිබීඑන්, සෙ/318303 සැරයන් අජිත් ජීඩී, සෙ/320410 කෝප්‍රල් ලියනගේ ඩීපීඑස්එල්, සෙ/16ඩී00325 කෝප්‍රල් පත්මකුමාර ඩබ්ලිව්එස්අයිසී, සෙ/5ඩී02578 ලාකෝ විජේරත්න ජීඑච්ජී, සෙ/17ඩී00322 ලාකෝ විජේවික්‍රම එස්ඩීඑල්, සෙ/331256 සාසෙ කරුණාරත්න ඩීජීඑන් හා සෙ/314114 සැරයන් රූපසිංහ ඒඑන් වෙත රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු සියළු නිළයින්ගේ සුභාංශිංසන මෙසේ පිළිගන්වන්නෙමු.