Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th June 2018 19:39:54 Hours

විශ්‍රාමික රණවිරු වැඩිහිටි නිවාසය කටාන හි පැවැති දානමය පුන්‍යකර්මය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත තම මාතෘ භූමිය වෙනුවෙන් උතුම් මෙහෙවරක යෙදී සිට මේ වන විට විශ්‍රාම සුවයෙන් කටාන රණවිරු වැඩිහිටි නිවාසයේ නේවාසික ත්‍රිවිධ හමුදාවට අයත් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් 2018.06.08 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් දානමය පුන්‍යකර්මයක් සිදුකරන්නට යෙදිනි.

එහිදී විශ්‍රාමික රණවිරුවන් 22 ක් සහ එහි කාර්ය මණ්ඩලය සඳහා පුජ්‍ය උඩුගම්පොළ කෙහෙල්බද්දර ශ්‍රී බෝධිද්‍යාරාමාධිපති, ගම්පහ පහළගම විද්‍යාරවින්ද මහ පිරිවනේ නියෝජ්‍ය පරිවෙණාධිපති, විචිත්‍ර ධර්ම කථික, කාව්‍ය ශ්‍රී, මහා විහාර වංශික, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පර්ශවයේ කර්ම වාගාචාර්ය ධර්මකීර්ති ශ්‍රී ජනානන්ද පුජ්‍යපාද මානිංගමුවේ ධම්මජෝති ස්වාමින් වහන්සේ විසින් හරවත් ධර්මානුසාසනාවක් පවත්වන ලද අතර, ඉන් අනතුරුව මහා සංඝරත්නය වෙත දානය පිළිගන්වන ලදී.

එමෙන්ම, විශ්‍රාමික රණවිරුවන් හට සංගීත රසාස්වාදය අත්විදීමට ඉඩ සළසා දුන් අතර, එමගින් ඔවුනගේ තනිකම කාන්සිය මොහොතකට මගහැරවීමට කටයුතු කරන ලදී. පසුව රෙජිමේන්තු අධිපති තුමන් ඇතුලු මෙම දානමය පුන්‍යකර්මය සඳහා සහභාගිවූ සියලුම නිලයින්, විශ්‍රාමික රණවිරුවන් සමඟ දිවා භෝජන සංග්‍රහය භුත්තිවිඳ සුහද පිළිසඳරක නිරතවීමෙන් පසු රෙජිමේන්තු අධිපති තුමන්, විශ්‍රාමික රණවිරුවන් හට ත්‍යාග ප්‍රදානය කිරීමද සිදුකරන ලදී.

විශ්‍රාමික සුවයෙන් පසුවන මෙම රණවිරුවන් හා එක්ව ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් ගතකල මෙම හෝරා කිහිපය ඔවුන්ගේ දිවියේ නොමැකෙන මතකයක්ව පවතිනු නොඅනුමානය.

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී, බ්‍රිගේඩියර් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ මෙන්ම කණිෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් අතුලු සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී විය.