Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

04th July 2023 00:19:55 Hours

විරු සවියෙන් රණවිරු පවුලට නව නිවසක්

රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිල්ලපිටිය, කුරුවිට යන ලිපිනයේ පදිංචි 16 (සෙව්) ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/22D00151 පාසෙ නිහාල් ප්‍රේමචන්ද්‍ර ආර්ඊ සහ එම සෙනිගේ බිරිඳ ඇතුළු දූ දරුවන් වෙත නිවසක් තනාදීමේ කටයුතු 16/(සෙව්) ශ්‍රීලපාහ බළඇණීයේ අණදෙන නිලධාරී මේජර් එච්ආර්ඩබ්ලිව්ආර් කුමාර ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත සිදුකරන ලදී. නිවසේ ඉදිකිරීම් කටයුතු බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වය මත සිදුකළ අතර, වැඩ නිමකළ නව නිවස රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආරාධනයෙන් පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.07.03 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කර නිවැසියන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ප්‍රමුඛ රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් හා 16 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරී ප්‍රමුඛ බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූ අතර, රෙජිමේන්තු අධිපති විසින් නිවස ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය සැපයූ සාමාජිකයින් සියලුම දෙනා වෙත ත්‍යාග පිරිනැමීමද සිදුකරන ලදී.