Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th March 2023 07:57:57 Hours

රෙම ශ්‍රීලපාහ නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද නායකත්ව ගුණාංග හා ආයතනික කර්යක්ෂමතාවය වැඩිදියුුනු කිරීමේ දේශනය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත රෙම ශ්‍රීලපාහට අයත් සියලුම ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා නිලධාරීන්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීමේ හා ආයතනික කර්යක්ෂමතාවය ඔප්නැංවීමේ අරමුණින් 2023.03.08 වන දින නිලධාරී නිවස්නයේ දී අන්තර් මහාද්වීපික මානව සම්පත් කළමනාකරණ ආයතනයේ (IIHRM) අධ්‍යක්ෂ - ප්‍රධාන උපදේශක රංජීව කුලතුංග මහතා විසින් දේශනයක් පවත්වන ලදී.

ප්‍රවිණ දේශක රංජීව කුලතුංග මහතා මහාද්වීප 4ක් පුරා විසිරී ඇති රටවල් 27ක ජාතීන් 45කට පමණ තම දේශන සේවාව ලබාදෙමින් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි මානව සම්පත් උපදේශන, පුහුණු සහ බඳවා ගැනීමේ සේවාවන්හි නිරත වන්නෙකි. 2003 වර්ෂයේ සිට ජාත්‍යන්තර මානව සම්පත් ආයතනයට සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා ලෙස නම් දරා සිටින මොහු 2006 සිට ලෝක මානව සම්පත් මණ්ඩලයේ උපදේශක කවුන්සිලයේ සාමාජිකයෙකි.

රෙම ශ්‍රීලපාහ නිලධාරී නිවස්නයේ දී පවත්වනු ලැබු මෙම දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ සහභාගීත්වයෙන් පැවති අතර, මේ සඳහා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා නිලධාරීන් 120ක් පමණ සහභාගී විය.