Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th March 2023 11:10:15 Hours

රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය සිව්වන අදියර

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි සිව්වන අදියර සනිටුහන් කරමින් 2023 මාර්තු මස 28 වන දින 1 ශ්‍රීලපාහ, 8 ශ්‍රීලපාහ සහ 2 (සෙව්) ශ්‍රීලපාහ යන බළඇණිවල සංචාරයක නියලෙන ලදී.

මෙහි දී බළඇණිවල අණදෙන නිලධාරීන් විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී. අනතුරුව භට පිරිස් ඇමතූ රෙජිමේන්තු අධිපති පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරී කරන සියලුම නිලයන් හි විනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමෙන් තම යුද්ධ හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතය ද සාර්ථක කරගත හැකි බවට සියලු නිලධාරීන් හා සෙසුනිලයින් අමතා දැනුවත් කරන ලදී.

තවද, බළඇණි වල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දුන් අතර, වර්තමානයේ සොල්දාදුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම, නීති විරෝධි ව්‍යාපාරවලට සම්බන්ධවීම හා විවිධ අපචාර ක්‍රියා වලට යොමුවීම, සියදිවි හානිකර ගැනිම් සබැඳිව භටපිරිස් අමතන අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කළ අතර, එවැනි ක්‍රියාකාරකම් වලින් වැළකී යුද්ධ හමුදාවේ ගෞරවයට හා කීර්තිනාමයට හානි නොවන අයුරින් ක්‍රියා කළ යුතු බැව් අවධරනය කරන ලදී. අනතුරුව සෙබළුන්ගේ භට නිවාස පරීක්ෂා කළ අතර, පැමිණ සිටි නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළසඳරකින් පසුව තම සංචාරය නිමා කරන ලදී. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී විය.