Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st January 2022 21:17:14 Hours

රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදාවේ 14 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි දෙවන අදියර සනිටුහන් කරමින් 2021 දෙසැම්බර් මස 09 වන දින පිළිවෙලින් 24 ශ්‍රීලපාහ , 5 (සෙව්) ශ්‍රීලපාහ හා 6 ශ්‍රීලපාහ ඒකකයන්ද, 2021 දෙසැම්බර් මස 10 වන දින 15 ශ්‍රීලපාහ යන ඒකකයෙහිද සංචාරය කරන ලදී.

රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගැනිමෙන් පසු, ඒකකයන් වෙත ගොස් නිලධාරීන් හා සෙසුනිලයන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වු සියලුම පාලන කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව සිදු කිරීම පිළිබඳ සොයා බැලීම මෙම සංචාරයේ මුලික පරමාර්ථය වු අතර, මෙහිදී ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින් තම ඒකකයන් වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී. මෙම සංචාරයේදි රෙජිමෙන්තු අධිපති තුමන් විසින් බළඇණි වශයෙන් ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව පැසසුමට ලක් කළ අතර, පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරී කරන සියලුම නිලයන් හි විනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමෙන් තම යුද්ධ හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාර්ථක කරඟත හැකි බවට සියලු නිලධාරීන් හා සෙසුනිලයින් අමතා දැනුවත් කරන ලදී.

තවද, ඒකක වල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදෙමින් වර්ථමානයේ සොල්දාදුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම, නීති විරෝධි ව්‍යාපාරවලට සම්බන්ධවීම හා විවිධ අපචාර ක්‍රියා වලට යොමුවීම, සියදිවි හානිකර ගැනිම් සබැඳිව භටපිරිස් අමතන අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කළ අතර, එවැනි ක්‍රියාකාරකම් වලින් වැලකී යුද්ධ හමුදාවේ ගෞරවයට හා කීර්තිනාමයට හානි නොවන අයුරින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර අනාගත යුද හමුදා වෘත්තීය නිපුනත්වයෙන් හෙබි සෙබලෙකු ලෙස දැණුම සහ පුහුණු නිපුනත්වය හා එහි වටිනාකම් අවබෝධකර දී, එම අරමුණු සාක්ෂාත් කිරීම සඳහා යුද හමුදා ඉදිරි සැලසුම් හා 2020 සහ 2025 යුද හමුදා ඉදිරි දැක්ම සංකල්පය පිළිබඳ කරුණු අඩංගු හරවත් දේශනයන් සිදු කරන ලදි. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදී.