Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

05th April 2018 11:37:02 Hours

රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් අභිනවයෙන් වැඩ භාරගැනිමෙන් අනතුරුව සිදුකල රෙම ශ්‍රීලපාහහි නිරික්ෂණ සංචාරය

මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නව රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් වැඩ භාරගැනිමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත 2018 අප්‍රේල් මස 04 වන දින පැමිණෙන ලදී. රෙජිමේන්තු අධිපති තුමන්ව රෙජිමේන්තු සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව රෙජිමේන්තු දේශන ශාලාවේදී නිලධාරින් සහ සෙසුනිලයින් අමතා සියලු දෙනා හට රෙජිමේන්තුවෙන් ඉටුවිය යුතු සේවාවන් පිළිබඳව හා රෙජිමේන්තුවේ ඉදිරි දැක්ම පිළිබඳව පුළුල් ලෙස උපදේශනය කරන ලදී. රාජකාරි/පෞද්ගලික ගැටළු රෙජිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසත්, රෙජිමේන්තුවේ පළමු අධිෂ්ඨානය විය යුත්තේ ඒකකවලට ඇති අවශ්‍යතා ඉටුකර දීම බවත්, යුද හමුදාවේ ඇති පැරණිතම රෙජිමේන්තුව බැවින් අනෙකුත් රෙජිමේන්තු වලට හා ඒකකයන්ට අප ආදර්ශමත් විය යුතු බවත්, අපගේ චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන් අනෙකුත් රෙජිමේන්තු වලටද ලබාදිය යුතු බවද, අතීතයේ සිට එන සම්ප්‍රදානයන් වෙනස් නොකර මනස නිතරම පිරිසිදුව තබාගැනිම හා රාජකාරින් බුද්ධිමත්ව සහ කාර්යක්ෂමව කලයුතු බවත්, අපගේ රෙජිමේන්තුවට ඉතිහාසය ඉතා වටිනාදෙයක් බවත් එය විනාශ නොකර අනාගතයට ගැලපෙන අයුරින් සංවර්ධනය කල යුතුය. එමෙන්ම පුහුණුව වැටුප් හා දිමනා නිල වලට අනුව ලබාදී වෘත්තිමය වශයෙන් සෙබලුන් පරිනත කල යුතු බවත්, ඵලදායිතාවය වැඩිවිය යුත්තේ පුහුණුව තුලින් වන බවත් පවසන ලදී. තවද පවතින යටිතල පහසුකම් තවදුරටත් දියුණු තත්වයෙන් පවත්වාගෙන යා යුතු අතර, සෙබලුන්ගේ සුභසාධනමය ප්‍රශ්න වලට පිළිතුරු දිමට නිසි ක්‍රම වේදයක් සකසන බවත්, රෙජිමේන්තුවේ බලඇණි පුහුණු විම් අධික්ෂණය කර එම පුහුණුවිම් කටයුතු වර්ධනය කිරිමට අංශයක් ආරම්භ කරන බවත් දන්වන ලදී. මියගිය සෙබලුන්ගේ පවුල්වල ප්‍රශ්න වලට ඉහල ප්‍රමුඛත්වයක් දී ක්‍රියාකල යුතු මෙන්ම ආබාධිත/සේවය කරන සියලු දෙනාගේ දත්තයන් එක් රැස්කොට දත්ත ගබඩාවක් සකස් කල යුතු බවත්, ප්‍රකාශකරමින් සියලු දෙනා හට හරවත් දේශණයක් පැවැත්විමෙන් අනතුරුව කඳවුරේ කාර්යාල සංකීර්ණය, නිලධාරි නිවස්නය, බනි/සැරයන් නිවස්නය, සෙසුනිල මුලුතැන්ගෙය, අයුධාගාරය ඇතුලු කඳවුරේ සියලුම ස්ථානයන් රෙජිමේන්තු අධිපති තුමා විසින් නිරික්ෂණය කරන ලදී.