Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th May 2018 22:47:41 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ 5 වන ස්වේච්ජා බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9 වන රෙජිමේන්තු අධිපති ලෙස රජකාරි භාරගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් ස්වේච්ජා ඒකකයක් වන මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ පල්ලෙකැලේ පිහිටි 5 (සෙව්) ශ්‍රීලපාහ බලඇණිය 2018 මැයි මස 26 වන දින කඳවුරු සංචාරයක නිරත වන ලදී. ඒකක අණදෙන නිලධාරි මේජර් ටීඑම්ඊආර්කේ තෙන්නකෝන් ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙජිමේන්තු අධිපතිතුමන් යුද හමුදා චාරිත්‍රානුකුලව ප්‍රධාන දොරටුව අසලදී පිළිගත් අතර, රෙජිමේන්තු අධිපතිතුමන් වෙත අභිමානවත් සම්මාන මුරයක් පරිනමන ලදී. පසුව ඒකකය වෙනුවෙන් තම ප්‍රාණදානය දුන් රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා තම ආචාරය පුද කරන ලදී. අනතුරුව එතුමාගේ කඳවුරු සංචාරය සිහිවිම වස් කඳවුරු භූමයේ අඹ පැලයක් රෝපණය කරන ලදී.

ඉන් පසුව 5 (සෙව්) ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරිගේ පැහැදිලි කිරිම් වලට සවන්දුන් රෙජිමේන්තු අධිපතිතුමන් 5 (සෙව්) ශ්‍රීලපාහ බළඇණි දේශණ ශාලාවේදී සියලුම නිලයින් හට මාතෘභුමියේ භෞමික අඛණ්ඩතාවය හා සෛවරීභාවය ආරක්ෂා කරනු වස් ඔවුන් කල සේවය අගයමින් සියලු නිලයින් අමතා, පහත සඳහන් කරුණු කෙරෙහි එතුමාගේ විශේෂ අවදානය යොමු කරන ලදී, ශ්‍රීලපාහ රෙජිමේන්තුවේ පැරණිතම බළඈනියක් බවත්,රිවිරස ක්‍රියාන්විතය සඳහා සුවිශේෂි දායකත්වක් දැක්වු බවත්, වාර්ෂිකව පවත්වනු ලබන රෙජිමේන්තුවේ හොදම බළඈනිය තෙරිමේ තරගයෙන් 2014 හා 2017 වර්ෂවලදි පළමු ස්ථානයත් 2015 වර්ෂයේදි දෙවන ස්ථායත් දිනාගත් බවත්, සියලු දෙනාගේ පුද්ගලික ජිවිතය ගතකිරිම හා එය දියුණු කර ගැනීම සම්බන්ධ උපදෙස් ලබා දී, සියලුම නිලයන් සමග තේ පැන් සං.ග්‍රහය‍ෙන් භුක්ති විදින ලදී. ඉන් අනතුරුව සෙබලුන්ගේ සුවදුක් විමසිම සඳහා සහ ඔවුන්ගේ සුවපහසුකම් පිළිබඳ සොයාබැලිම සඳහා කදවුරු සංචාරයක් සිදුකරන ලද අතර, මෙහිදි සියලුම භඨ නිවාස වෙත ගොස් සෙබලුන් සමග පෞද්ගලිකවම කතා කරමින් ඔවුන් සියලු දෙනාගේ අවශ්‍යතා හා අඩුපාඩු සොයාබැලිමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා රෙම ශ්‍රීලපාහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩිර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී සහ 11 සේනාංක මුලස්ථානයේ කර්නල් සම්බන්ධිකරන, කර්නල් එච්එම්එන්බී හේරත් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගී වන ලදී.

පසුව කඳවුරු සංචාරයේදී නිරික්ෂණය වු කරුණු පිළිබඳව හා කඩිනමින් ආරම්භකල යුතු ව්‍යාපෘති, 5 (සෙව්) ශ්‍රීලපාහ කඳවුර තුල නිවාඩු නිකෙතනයක් ඉදිකිරිම සඳහා රෙජිමේන්තු අධිපතිතුමාගේ අනුමැතිය ලබාදුන් අතර එයට සුදුසු ස්ථානයද පෙන්වන ලද අතර ඒ පිළිබඳව ඒකක අණදෙන නිලධාරි දැනුවත් කර ඉන් අනතුරුව අමුත්තන්ගේ සමරුපොතෙහි සටහනක් තැබිමෙන් පසු රෙජිමේන්තු අධිපතිතුමන් 5 (සෙව්) ශ්‍රීලපාහ බළඇණියෙන් නික්ම යන ලදී.