Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

19th August 2019 22:08:37 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 වන රෙජිමේන්තු අධිපති ලෙස පත්වූ මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය 2019.08.16 වන දින 8 ශ්‍රීලපාහ ඒකකයෙන් ආරම්භ කරන ලදී.

මෙහිදී ශ්‍රීලපාහ ඒකකයන් වල නිලධාරි සහ සෙනීන්ගේ අඩුපාඩු පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරීම පිළිබඳව සොයාබැලීම මෙම ඒකක සංචාරයේ මූලික පර්මාර්ථය වන අතර 2019.08. 19 වන දින 1 ශ්‍රීලපාහ - මුල්ලියාවේලි , 12 ශ්‍රීලපාහ - මුලතිව් සහ 14 (සෙව්) ශ්‍රීලපාහ - වැලිඔය යන ඒකක වල සංචාරය සිදකරන ලදී. මෙම සංචාරයට පෙර රෙජිමේන්තු අධිපති තුමන් ආරක්‍ෂක සේනා අඥාපති මුලතිව් මේජර් ජෙනරාල් ආර්ඩබ්ලිව්ඩබ්ලිව්ඒඩීබී රාජගුරු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බැහැදැකීම විශේෂයෙන් සිහිපත් කල යුතුයි. මෙහිදී ඒකකවල දැනට පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකරය පිළිබඳව අවැසි උපදෙස් සහ මගපෙන්වීම ලබාදෙන ලද අතර භඨ පිරිස් අමතමින් වටිනා දේශනයන් සිදුකරන ලදී. තවද 14(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකරන ලද කරණවෑමි හල සහ මැහුම් හල රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් විවෘත කිරීම ද සිදුවිය. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ප්‍රමානි 1 ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යමණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.