Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

15th May 2018 15:54:31 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ රෙජිමේන්තු මුලස්ථාන බළඇණි සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9වන රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාරගැනීමෙන් පසු ප්‍රථම නිල සංචාරය ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් නිත්‍ය හා ස්වේච්ජා ඒකකයන් වෙතින් ක්‍රියාන්විතයේදි තුවාල ලබා ආබාධිත තත්වයට පත්ව සිටින (රණක්ෂිතයට පත්) සෙබලුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බුස්සේ පිහිටි රෙජිමේන්තු මුලස්ථාන බලඇණිය වෙත පැමිණෙන ලදී. ඒකක අණදෙන නිලධාරි මේජර් ආර්එම්එස් රාජකරුණා ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙජිමේන්තු අධිපතිතුමන් යුද හමුදා චාරිත්‍රානුකුලව ප්‍රධාන දොරටුව අසලදී පිළිගත් අතර, රෙජිමේන්තු අධිපතිතුමන් වෙත අභිමානවත් සම්මාන මුරයක් පුද කරන ලදී. පසුව පැවැති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව එතුමාගේ කඳවුරු සංචාරය සිහිවිම වස් කඳවුරු භූමයේ අඹ පැලයක් රෝපණය කරන ලදී.

ඉන් පසුව රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරි සහ රෙජිමේන්තු පුහුණු පාසැලේ ප්‍රධාන උපදේශක යන නිලධාරින්ගේ පැහැදිලි කිරිම් වලට සවන්දුන් රෙජිමේන්තු අධිපතිතුමන් රෙජිමේන්තු මුලස්ථාන බළඇණි දේශණ ශාලාවේදී සියලුම නිලයින් හට මාතෘභුමියේ භෞමික අඛණ්ඩතාවය හා සෛවරීභාවය ආරක්ෂා කරනු වස් ඔවුන් කල සේවය අගයමින් සියලු නිලයින් අමතන ලදී. ඉන් අනතුරුව රණක්ෂිතයට පත් සෙබලුන්ගේ සුවදුක් විමසිම සඳහා සහ ඔවුන්ගේ සුවපහසුකම් පිළිබඳ සොයාබැලිම සඳහා කදවුරු සංචාරයක් සිදුකරන ලද අතර, මෙහිදි සියලුම භඨ නිවාස වෙත ගොස් සෙබලුන් සමග පෞද්ගලිකවම කතා කරමින් ඔවුන් සියලු දෙනාගේ අවශ්‍යතා හා අඩුපාඩු සොයාබැලිමට කටයුතු කරන ලදී. තවද මෙම රෙජිමේන්තු මුලස්ථාන බළඇණියට අයත් ඉදිකරමින් පවතින උත්සව ශාලාව නිරික්ෂණය කල අතර, එහි ඇති වැදගත්කම හා අනාගතයේ ලබාගත හැකි ප්‍රථිලාභ පිළිබඳ නිලධාරින් දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති හා මෙම රෙම මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් ඒඑල්එස්කේ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු, රෙම ශ්‍රීලපාහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී සහ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගී වන ලදී.

පසුව කඳවුරු සංචාරයේදී නිරික්ෂණය වු කරුණු පිළිබඳව හා කඩිනමින් ආරම්භකල යුතු ව්‍යාපෘති, ජලය බෙදාහැරිමේ ජල ටැංකියක් සකස් කිරිම හා ජලනල පද්දතිය නවීකරණය කිරීම, මලුතැන්ගෙය නවීන අංගෝපාන්ග සවිකර නවීකරණය කිරීම, නානකාමර සහ වැසිකිලි පද්දතිය නවීකරණය කිරීම, නිලධාරි නිවස්නයේ යටිතල පහසුකම් නවීකරණය කිරීම, රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ නේවාසිකා ගාරයන්හි වැඩිදියුණු කල යුතු වෙනත් පහසුකම් වැඩිදියුණු කිරීම, ක්‍රීඩාගාරය සඳහා අවශ්‍ය කරන නවීණ ක්‍රීඩා උපකරණ ලබාදීම, අලුත්වැඩියා කටයුතු සහ වෙනස් කම් පිළිබඳව ඒකක අණදෙන නිලධාරි දැනුවත් කර දහවල් ආහාරය අවසානයේ අමුත්තන්ගේ සමරුපොතෙහි සටහනක් තැබිමෙන් පසු රෙජිමේන්තු අධිපතිතුමන් රෙජිමේන්තු මුලස්ථාන බළඇණියෙන් නික්ම යන ලදී.