Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th March 2018 08:36:36 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ රෙජිමුබ ශ්‍රිලපාහ සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්යාස්ථානයට අයත් ඒකකයන් වෙතින් ක්‍රීයාන්විත රාජකාරියේ යෙදී සිටියදී රට දැය වෙනුවෙන් කාය දානය කැප කල රණවිරුවන් ඔවුන්ගේ පාලන කටයුතු සදහා බිහි වු ආබාධිත බළඇණිය වන රෙජිමුබ ශ්‍රිලපාහ බළඇණියට 2018.03.08 වන දින ඉතා සුවිශේෂි දිනයක් විය. වත්මන් ඒකක අණදෙන නිලධාරි මේජර් ආර්එම්එස් රාජකරුණා ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් කරන ලද ගෞරවනීය ආරාධනයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණෙන ලදී.

මෙහිදි ආබාධිත රණවිරුවන් 25 දෙනෙකු සදහා රු.1,120,000.00 වටිනා කෘතිම පාද 25 ක් සහ පරම වීර වීභූෂණ පදක්කම් ලාභින්ගේ විශ්වවිද්‍යාල වරම් ලැබු දුවාදරුවන් 04 දෙනෙකු හට රු. 5000.00 බැගින් වටිනා ශිෂ්‍යත්ව 04ක් රෙජිමේන්තු අධිපති විසින් පිරිනමන ලදී. මේ සදහා මුල්‍ය දායකත්වය එංගලන්තයේ ඝණකාධිකාරි වරයෙකු වශයෙන් රාජකාරි කරන පාලින්ද සමරසිංහ මහතා සහ එම මැතිණිය විසින් ලබාදුන් අතර, එම දෙපලද මෙම උත්සව අවස්ථාව සදහා සහභාගි වන ලදී.