Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th June 2023 23:49:26 Hours

රණවිරු පවුලට විරු සවියෙන් නව නිවසක්

රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මහවෙල, පිහිබූව, කුරුණෑගල යන ලිපිනයේ පදිංචි 6 ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/324841 සැරයන් රණසිංහ වීඩබ්ලිව්පීජීඩීඅයි සහ එම ජ්‍යෙකොනොනිගේ බිරිඳ ඇතුළු දූ දරුවන් වෙත නිවසක් තනාදීමේ කටයුතු 6 ශ්‍රීලපාහ බළඇණීයේ අණදෙන නිලධාරී මේජර් ජීකේජීපීඑස් ගන්නොරුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත සිදුකරන ලදී. නිවසේ ඉදිකිරීම් කටයුතු බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වය මත සිදුකළ අතර, වැඩ නිමකළ නව නිවස රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආරාධනයෙන් පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.06.24 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කර නිවැසියන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 583 පාබල බලසේනාධිපති හා රෙජිමේන්තු මධ්‍යස්ථාන නියොජ්‍ය සේනාවිධායක ප්‍රමුඛ රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් සහභාගිවූ අතර, 6 ශ්‍රීලපාහ අණදෙන නිලධාරී ප්‍රමුඛ බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ. තවද රෙජිමේන්තු අධිපති විසින් නිවස ඉදිකිරීම සඳහා දායකත්වය සැපයූ බළඇණී සාමාජිකයින් සියලුම දෙනා වෙත ත්‍යාග පිරිනැමීමද සිදුකරන ලදී.