Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th March 2023 09:38:35 Hours

රණවිරු පවුලට විරු සවියෙන් නව නිවසක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී විරසූරිය ආර්ඩ්බ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරනු ලබන රණවිරුවන් වෙත නිවාස ඉදිකර දීමේ ප්‍රජාසත්කාර වැඩසටහනේ තවත් එක් පියවරක් සනිටුහන් කරමින් රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු වෙත නව නිවසක් ප්‍රදානය කිරීම 2023.03.12 වන දින සිදුකෙරිණි.

මේ අනුව සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ධනූෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත සේවා වනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් සහ රෙජිමූබ ශ්‍රීලපාහ බළඇණියේ ශ්‍රමදායකත්වයෙන් වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි රෙජිමූබ ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/313767 බනි 1 ඒඩීඑන් කරුණාරත්න යන බලලත් නිලධාරී වෙනුවෙන් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකළ අතර, අභිනවයෙන් ඉදිකරන ලද අංගසම්පූර්ණ නව නිවස සුබ මොහොතින් ප්‍රදානය කිරීම සේවා වනිතා ගරු සභාපතිනියගේ සුරතින් සිදුකරන ලදී.

එම අවස්ථාව සඳහා 12 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී වූ අතර, සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සමගින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී හා රෙජිමූබ ශ්‍රීලපාහ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්ඒඑන් සමරනායක ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී විය.