23rd August 2024 18:58:40 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.
යුද හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටින තම නිවස ඉදිකර ගැනීමේ කටයුතු අවසන් කර නොමැති විරුවන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර, ඉන් මුලික අධියර යටතේ තොරාගත් රණවිරුවන් අතුරින් 6 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/320316 සැරයන් රාජපක්ෂ ආර්පිටිඩිඑස් යන රණවිරුවාගේ නිවස සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායක්ත්වයෙන් හා 6 ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරිම් කටයුතු අවසන් කර 2024.08.22 වන දින 1104 පැයට සුභ මොහොතින් ඒකක අණදෙන නිලධාරි හා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.