Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th June 2023 22:19:22 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ රෙම ශ්‍රීලපාහ සේවා වනිතා සංචාරය

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මහත්මියගේ මගපෙන්වීම මත 2023.06.29 වන දින අභිමංසල III (පාන්ගොල්ල) හි නේවාසිකව ප්‍රථිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ සංචාරයක නියලෙන ලදී. එහි දී එම නේවාසික රණවිරුවන් වෙනුවෙන් කෙටි ආහාර හා තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු කළ අතර, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කෙරිණි. මෙම සංචාරය සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු රෙම ශ්‍රීලපාහ සේවා වනිතා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූ අතර, නේවාසික රණවිරුවන්ගේ විනෝදාශ්වාදය ඉහල නංවාලීම සඳහා කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදයක් ද ලබාදෙන ලදී.