Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

15th February 2023 23:35:21 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ රෙම ශ්‍රීලපාහ සේවා වනිතා සංචාරය

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මහත්මියගේ මගපෙන්වීම මත 2023.02.15 වන දින අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් 36 දෙනෙකුගේ සුවදුක් විමසීමේ සංචාරයක නියලෙන ලදී. එහි දී එම නේවාසික රණවිරුවන් වෙනුවෙන් කෙටි ආහාර හා තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු කළ අතර, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අගල් 32 (LED) වර්ණ රූපවාහිනී යන්ත්‍රයක් ද පරිත්‍යාග කෙරිණි. මෙම සංචාරය සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු රෙම ශ්‍රීලපාහ සේවා වනිතා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී විය.