Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

04th April 2023 08:33:35 Hours

රටට ආදර්ශයක් වෙමින් යුද්ධ හමුදාවට කීර්තියක් ගෙනදුන් ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරී

ලොව දරුණුම ත්‍රස්තවාදීන් පරාජය කර මානුෂීය මෙහෙයුමේ දී අසරණ සිවිල් ජනතාව මුදවාගෙන ලොවට දුන් ආදර්ශය සේම යුද්ධයෙන් පසුවත් රටේ මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ජීවිතයේ සෑම මොහොතක්ම තම රාජකාරියේ කොටසක් සේ සලකා යුද හමුදා සෙබළුන් රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරනුයේ සුවිශාල මෙහෙවරකි. 2023.03.24 වන දින එවන් සත් ක්‍රියාවකට දායකවීමට ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 4 වන ශ්‍රීලපාහ බළඇණියට අයත් නි/65423 මේජර් ආර්එච්එම්එස් රාජකරුණා ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරී හට හැකිවිය.

පුත්තලම යුද හමුදා ආධුණික පුහුණු මධ්‍යස්ථානයේ මානි 2 (පුහුණු) ලෙස රාජකාරි කරනු ලබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී පුත්තලම සිට කුරුණෑගල දක්වා බස් රථයක ගමන් ගනිමින් සිටිය දී එහි ගමන්කළ කාන්තාවක් හදිසියේ හෘදයබාදයකට ළක් විය. ඇයගේ අසාධ්‍ය තත්වය තේරුම්ගත් මෙම නිලධාරී යුහුසුළුව ක්‍රියාත්මකවී ජීවිතය බේරාගැනීමට අවැසි ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව අවශ්‍ය කඩිනම් පියවර ගෙන වහාම ආණමඩුව රෝහලට ඇතුලත් කර ඇයගේ ජිවිතය බේරාගන්නා ලදී.

හෘදයාබාධයට ළක් වූ කාන්තාව කුලියාපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරිනියක් වන අතර ඇය රාජකාරි කටයුත්තකට සහභාගීවි නිවස බලා පැමිණෙන අතරතුරදී මෙම සිද්ධියට මුහුනපාන ලදී.

එම අවස්ථාවේදි බස් රථය තුල 60 ක ආසන්න මගින් පිරිසක් ගමන් කර ඇති අතර, කිසියම් වු ප්‍රථාමාධාරයක් ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි. මෙම සිදුවීම දුටු එම නිලධාරී වහා ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා කටයුතු සූදානම් කරන ලදී.

1990 හදිසි ගිලන් රථ සේවාවයට ඇමතුවද එය පැමිණිම ප්‍රමාද වන බව දැනගත් පසුව කඩිනමින් තම මිතුරෙකු අමතා ඔහුගේ වාහනය රැගෙනවිත් ඇයව රෝහල් ගත කරන ලදී. එම අවස්ථාවේදී වෛද්‍යවරු පවසා ඇත්තේ විනාඩි 20 ක් ප්‍රමාද වුවානම් එම කාන්තාවගේ ජිවිතය අහිමි විමට හෝ සදා කාලික රෝගි තත්වයකට පත් විමේ දරුණු අවදානමකට ලක්වීමට තිබූ බවයි.

උද්ගතවූ හදිසි අවස්ථාවේ කැපවීමෙන් යුහුසුළුව ක්‍රියාකර ගිලිහී යන්නට ගිය වාසනාවන්ත ජීවිතයක් බේරාගත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු අධිපති ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සියලුම නිලයින්ගේ සුබාශිංසන මෙසේ පිරිනමන්නෙමු.