Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
15th November 2025 09:15:45 Hours
පුනරින් කදවුර රැක ගැනීමේ මෙහෙයුමේ යෙදී මියගිය/අතුරුදහන් හා තුවාල සිදුවූ රණවිරුවන් හට සෙත් පැමිණවීම
1950 මැයි මස 12 වන දින ස්ථාපිත කරන ලද පළවන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත 1993 වසරේදී පුනරින් අර්ධද්වීපයේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරි තිබු අතර, එවකට ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන් මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රාජකාරි කරන ලදී. ත්‍රස්ථවාදීන් විසින් දීර්ඝ කාලීනව සිදුකරන ලද සැලසුමක් අනුව 1993 නොවැම්බර් මස 11 වන දින 0110 පැයේ සිට දැවැන්ත ප්‍රහාරයක් දින 05 ක් පුරාවට එල්ල කරන ලදී. අණදෙන නිලධාරි තුමන්ගේ අභීත නායකත්වය මෙන්ම සියළු නිලධාරි හා සෙසුනිලයින්ගේ අප්‍රතිහත ධෛර්යය තුලින් වර්ණ හිමි බළඇණියක අභිමානයද සුරක්ෂිත කරමින් ත්‍රස්ථවාදීන් හා සටන් වදිමින් යුද්ධ ඉතිහාසයේ අමරණීය සටහනක් තබමින් මෙම භූමිය ත්‍රස්ථවාදීන් හට අත්පත් කර ගැනීමට නොදී ආරක්‍ෂා කර ගැනීමට සමත් විය. එහිදී එක් නිලධාරියෙක් හා සෙසුනිලයින් 50 දෙනෙකු මියගොස්, නිලධාරින් 03 දෙනෙකු හා සෙසුනිලයින් 107 දෙනෙකු අතුරුදහන් වු අතර, නිලධාරින් 05 දෙනෙකු හා සෙසුනිලයින් 138 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත. 2025 නොවැම්බර් මස 11 වන දිනට පුනරින් අර්ධද්වීපය රැක ගැනීමේ ප්‍රතිප්‍රහාරයේ 32 වන අනුස්මරණ දිනය සපිරිනි. ඒ වෙනුවෙන් ඉංගිරිය රයිගම් වත්තේ පදිංචි දිලිදු පවුලක් වන ජි. කරුණාරත්න මහතාගේ නිවසේ මුළුතැන්ගෙය හා නාන කාමරය සම්පූර්ණයෙන් ඉදිකර එහි ඉදිකිරීම් 2025 නොවැම්බර් මස 11 වන දින නිමාකර ඔවුන් වෙත භාරදෙන ලදී. තවද, එම ප්‍රහාරයේදී මියගිය හා අතුරුදහන්වූ රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම හා බරපතල තුවාල ලැබු රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරීම වෙනුවෙන්, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒඑම්බී යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම මත 1 ශ්‍රීලපාහ ඒකකයේ 32 වන අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒඑස් රාජරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එල්එස්සී ශ්‍රීලපාහ ඇතුළු සියළුම නිලධාරින් හා රෙජිමේන්තු සැරයන් මේජර් වන බලලත් නිලධාරි 1 එච්එම්එස් හේරත් ආර්එස්පී යුඑස්පී ඇතුළු ඒකකයේ සියළුම සෙසුනිලයින්ගේ සංවිධානයෙන් 2025 නොවැම්බර් මස 11 වන දින සවස රයිගම් හුණුකොටුව ශ්‍රී බෝධිරාජ බෞද්ධ මන්දිරයේදී බෝධිපූජා පිංකමක් පැවැත්වු අතර, 2025 නොවැම්බර් මස 12 වන දින මාහියංගල ශ්‍රී සාංගිකාරාම විහාරස්ථානයේදී සාංගික දානමය පිංකමක් පවත්වන ලදී. තවද, මෙම බෝධිපූජා පිංකම සහ දානමය පිංකම සදහා මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා පුනරින් ප්‍රහාරයේදී අතුරුදහන් වු සෙ/12091 ලාන්ස් කෝප්‍රල් සෙනවිරත්න එස්එච්ජේ කොනොනිගේ ආදරණීය මෑණියන්ද සෙසු සිවිල් වැසියන් සහභාගිවී පිං අනුමෝදන් කිරීම සදහා එක් වන ලදි.