Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th October 2019 12:29:50 Hours

පාබල හමුදාවට විශේෂ සේවාවක් සිදුකරන ලද බ්‍රිගේඩියර් එච්ඩීජී රණසිංහ යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට වසර 33 ක් තම ජිවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් එචිඩිජි රණසිංහ යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් යුද්ධ හමුදා දිවියට සමුදීමේ උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2019.10.19 වන දින ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි වර්ෂ 1964 ක් වු ඹක්තොබර් මස 20 වන දින රත්නපුර රජයේ රෝහලේදි උපත ලද අතර ප්‍රාථමික අධ්‍යාපනය රත්නපුර ඇලෝසියස් විද්‍යාලයෙන් ද උසස් අධ්‍යාපනය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙතින් ද හදාරන ලදී. ක්‍රිඩා කටයුතු වලදි පාසලේ දි බැටිමින්ටන් ක්‍රිඩාවෙන් කැපි පෙනෙන දක්ෂකමි දැක් වු දීප්තිමත් ශිෂ්‍යෙයකි. පාසල් අධ්‍යාපනයෙන් පසු වර්ෂ 1986 ජුනි මස 02 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ‍ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි 1987 ජනවාරි මස 16 වන දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව 4 ශ්‍රීලපාහ ඒකකය වෙත අනුයුක්තව එම ඒකකය සමගින් ශ්‍රී ලංකාද්විපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි කල නිලධාරියෙකු වන අතර එතැන් පටන් පාබල බළඇණියක ඇති සියලුම තනතුරු හොබවමින් රාජකාරින් සිදුකර ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 4 වන බළඇණියෙ මෙන්ම 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේද දෙවන අණදෙන නිළධාරි වශයෙන් ඉතා උසස් සේවාවක් එම ඒකකයන් වෙත සිදුකර ඇත.

පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් රෙජිමෙන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි තනතුර, ජනාධිපති අරාක්ෂක ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන්ද 22 සේනාංකායේ මානි 1 වැනි තනතුරු හොබවන ලදි. ඉන්පසු බ්‍රිගේඩියර් සමිබන්ධිකරණ ජනාධිපති ආරක්ෂක ඒකකය, ඉනපේ (උතූර) හි තල්සෙවන නිවාඩු නිකේතනයෙහි ප්‍රධාන විධායක අධිකාරි ලෙසද, බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති වශයෙන්ද අවසානයේ 24 වන සේනංකයේ වැඩබලන සේනාකාධිපති ලෙස ඉතා කැපි පෙනෙන සේවයක් සිදුකර ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි දේශිය පාඨමාලා වශයෙන් උපදේශක ක්‍රම පාඨමලාව, ඒකක පාලන පාඨමාලාව ද එතෙර පාඨමාලා වශයෙන් තරුණ නිළධාරි පාඨමාලාව,සාම සාධක මෙහෙයුමි පාඨමලාව ඉන්දියාව,ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාව,මධ්‍යම වෘත්තිය පාඨමාලාව පකිස්ථානයයේදිත් හදාරා තම දැණුම ඉහල නංවාගන්නා ලදි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිකැලැල් සේවය විනය හා යහපත් රාජකාරි ස්භාවය ඇගයීම වස් උත්තම සේවා පදක්කම පිදුම්ලබා ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි බ්‍රිගේඩියර් එචිඑමිඩබිලිවිවිකේ ඩිජි රණසිංහ යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් ලබාදි පිළිගැනිමෙන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් කායදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී. පසුව රෙම ශ්‍රිලපාහ දේශණ ශාලාවේදි භඨ පිරිස් අමතමින් හරවත් දේශණයක් සිදුකර රටට ස්ථිර සාමය උදාකිරිම උදේසා දායකත්වය ලබාදෙමින් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුදකරන ලද අතර ඉන් පසු මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් සමග සමුහ ජායාරූපයකටද පෙනිසිටින ලදී. රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සදහා බනි සැර නිවස්නය වෙත කැදවාගෙන යන ලදී. අනතුරුව යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් එචිඩිජි රණසිංහ යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට සමුදිම සදහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වු සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම්පිළිගන්වමින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඉදිරි ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන ලදී.

පසුව සන්ධ්‍ය කාලයේ දි රෙජිමේන්තු මධ්‍යස්ථාන නිළධාරි නිවස්නයේදි රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර මෙ සදහා මේජර් ජෙනරාල් එචිඑමිජේකේ ගුණරත්න ඩබිලිවිඩබිලිවිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම රෙජිමේන්තු මහ කාරක සභාවෙ ජ්‍යෙෂ්ඨ නිළධාරින්ද රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේ නිධාරින්ද සහභාගි වන ලද බිගේඩියර් කේඩබිලිවිආර් ද ආබෘ ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි එචිඩිඑමිසි ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පිළිබද හරවත් කථාවක් ඉදිරපත් ලද අතර මෙහිදි විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හට විශේෂ සමරු තිලිණයක්ද පිලිගන්වන ලදි.