Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st May 2018 20:13:22 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවා වනිතා ශාඛාව විසින් පස්වෙනි වරටත් පැවැත්වු දන්සල - 2018

බුදුරදුන්ගේ තෙමගුල සිදුවු වෙසක් දින සමරමින් පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවා වනිතා ශාඛාව විසින් පස්වෙනි වරට සංවිධානය කරන ලද මහා මඤ්ඤොක්කා දන්සල මෙවරත් සිල්වර් බියුගල් ආපන ශාලාව අසල දී පවත්වන ලදී. මෙම මඤ්ඤොක්කා දන්සල 2018.04.30 වන දින පස්වරු 04.30ට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී තුෂාරි කුලතුංග මැතිණිය විසින් විවෘත කරන ලදී. තවද මෙම අවස්ථාව සඳහා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් හා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් බැතිසිතින් සහභාගී වන ලද අතර, ප්‍රදේශයේ සහ පිටපළාත් වලින් වෙසක් සිරි නැරඹිම සදහා පැමිණි 10,000 අධික ජනතාවක් ද මෙම දන්සල වෙත පැමිණෙන ලදී.