Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th April 2021 12:43:24 Hours

නිවසක් නොමැති රණවිරුවන් හට හිසට සෙවනක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවන් හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රමදායකත්වය යටතේ නො: 284/1 රණබිම මාවත, මුල්ලේරියාව ලිපිනයේ පදිංචි සෙ/2ඩි03268 කෝප්‍රල් පියනන්දන ඩබ්ලිව්එම්, යන අය හට රු: 1,399,563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිලධාරීතුමාගේ ගෞරවනීය ආරාධනය මත රෙජිමේන්තු මහාකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික හා රණවිරු සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂක වශයෙන් රාජකාරි සිදුකරන බ්‍රිගේඩියර් සී රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.04.06 වන දින 1010 පැයට යෙදුනු සුභ මොහොතින් කොනොනි හට භාරදෙන ලදී.