Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th February 2021 12:45:24 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති අයෙකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 10 ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ 2008.08.06 වන දින වන්නි මානුෂිය මෙහෙයුමේදි තුනුක්කායි ප්‍රදේශයේදි ත්‍රස්තවාදින් විසින් එල්ල කරන ලද සුලු අවි ප්‍රහාරයකින් තුවාල ලද කොස්ගහලන්ද, උඩුවින්න, හගුරන්කෙත ලිපිනයේ පදිංචි සෙ/321824 ලාකෝ සමරකෝන් එස්එම්සිකේබි යන කොනොනි හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවසක් ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ සුරතින් 2021.02.09 වන දින 09.30 පැයට යෙදුනු සුභ මොහොතින් තත් කොනොනි හට භාරදෙන ලදි. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.