Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th February 2018 11:07:50 Hours

නවීකරණය කරන ලද රෙම ශ්‍රීලපාහ බනි/සැරයන් නිවස්නය යුද හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමා අතින් විවෘත වු වගයි

නවීකරණය කරන ලද රෙම ශ්‍රීලපාහ බනි/සැරයන් නිවස්නය 2018.01.30 වන දින උත්සවාකාරයෙන් විවෘත කල අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි 1 එම්ජීඑස් මහේෂ් කුමාර සියලුම ජ්‍යෙකොනොනීන් වෙනුවෙන් ඉතා උණුසුම්ව පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට පැමිණි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි ලුතිතන් ජෙනරල් එච්වී අතුකෝරාළ වීඑස්වී පීඑස්සී එෆ්බීඅයිඑම් ආරාධිත අමුත්තා සමගින් පීත්ත පටිය කපා බනි/සැර නිවස්නය විවෘත කිරීමට එක් විය .

මෙම අවස්ථාවට හිටපු යුද හමුදාපතිවරුන් දෙපළක් වන ජෙනරල් එස්එච්එස් කෝට්ටේගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී හා ජෙනරල් ආර්එම්ඩී රත්නායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සමඟ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, විශ්‍රාමික රෙසැමේවරුන් ද, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සියලුම ජ්‍යෙකොනොනීන් සහභාගී විය.