Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th July 2023 14:50:23 Hours

නවතමයෙන් විවෘත වූ පැසිපන්දු ක්‍රීඩාපිටිය

රෙජිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක සංවර්ධන සැලැස්මට අනුව රෙජිමේන්තු අධිපතිගේ සංකල්පයක් නවීකරණය කරන ලද පැසිපන්දු ක්‍රීඩා පිටිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.07.08 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කරන ලදී.

අතීතයේ මෙන්ම වර්තමානයේද ශ්‍රී ලංකා පාබල හමුදාව ක්‍රීඩා දක්ෂතා වලින් යුද්ධ හමුදාව තුළ මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා දක්වා ඇති මොහොතක එම තත්වය තවදුරටත් ඉහළ අගයකට ගෙන ඒමේ පරමාර්ථයෙන් යෙන් යුතුව රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත නවීකරණය කළ රෙජිමේන්තු පැසිපන්දු ක්‍රීඩාගාරය නවීන අංගෝපංග සමගින් නැරඹුම් පරිශ්‍රයක්ද සහිතව ඉදිකරන ලද අතර, මෙහි රාත්‍රී කාලවලදීද ක්‍රීඩකයින්හට තම ක්‍රීඩා කටයුතු සිදුකරගැනීමට හැකිවන පරිදි සකසා තිබීම විශේෂත්වයකි.

සෙබළුන්ගේ සියලුම සුබසාධන කටයුතු ඉටුකරදීම හා රෙජිමේන්තුවේ රාජකාරි කටයුතු ක්‍රමවත්ව හා කාර්යක්ෂමව සිදුකරගැනීමේ අපේක්ෂාවෙන් මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පිඑස්පී කුල‍සේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් එල්එච්සිආර් සිරිවර්ධන ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි. අභිනවයෙන් ඉදිවූ මෙම පැසිපන්දු ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ උත්සවය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යෙෂඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, ඇතුලු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, බළඇණි අණදෙන නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර්, බළඇණි රෙසැමේවරුන් ඇතුළු සියලුම සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.