Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

21st February 2019 20:13:04 Hours

දැයෙන් සමුගත් බ්‍රිගේඩියර් කේජීඑච්එස්කේ ඇඹව (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී

දේශයේ ස්වෛරිත්වය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනිම වෙනුවෙන් අනගිභවනිය සේවයක් ඉටුකල ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ බිහිවු දක්ෂ යුද විරුවෙකු වන බ්‍රිගේඩියර් කේජීඑච්එස්කේ ඇඹව (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වර්ෂ 2019 ක් වු පෙබරවාරි මස 18 වන දින පෙරවරුවේ දිවියෙන් සමුගන්නා ලදී.

වර්ෂ 1962 ක් වු පෙබරවාරි මස 14 වන දින උපත ලද කුලියාපිටිය ගම්ලත්ගේ හේම සරත් කුමාර ඇඹව දරුවා කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය වෙතින් අධ්‍යාපනය හැදෑරු විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වු අතර විද්‍යාලයේ රගර් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම විද්‍යාලීය ශිෂ්‍ය භඨ කණ්ඩායමේ හා ශිෂ්‍යභඨ තුර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකු විය. මාතෘභූමිය රැකගැනිමේ උදාරතර අරමුණ වෙනුවෙන් වර්ෂ 1984 ක් වු මාර්තු මස 05 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාව වෙත ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැදි පාඨමාලා අංක 19 යටතේ යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මුලික පුහුණුව ඉතා සාර්ථකව හදරා වර්ෂ 1985 ක් වු නොවැම්බර් මස 16 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ඇතුලත්වන ලදී. ඉන්පසු තම නිලය හා ජ්‍යෙෂ්ඨතාවය අනුව විවිධ තනතුරු හොබවමින් 1 ශ්‍රීලපාහ, 3 ශ්‍රීලපාහ හා 6 ශ්‍රීලපාහ ඒකකයන්හි රාජකාරි කරමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිමට සිදුකරන ලද ක්‍රියාන්විත සදහා සක්‍රියව දායක වෙමින් සිය රණකාමිත්වය මැනවින් පිළිබිඹුකල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තරුණ ජවය මතින් ගොඩනැගුනු එඩිතරභාවය නිසාවෙන් 1992 වර්ෂයේදි යුද්ධ හමුදා විශේෂ බළකාය වෙත ඇතුලත් වන ලදී. 1994 වර්ෂයේදි විශේෂ බළකාය මගින් අංගොඩවිල්ලු ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ ක්‍රියාන්විතයක යෙදි සිටියදි සතුරු ප්‍රහාරයකට ලක්ව බරපතල ලෙස තුවාල සිදුවිමෙන් පුර්ණ ආබාධිත තත්වයට පත්වන ලදී. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද බිමේදි දිවිපරදුවට තබමින් සතුරන් ඉදිරියේ තම මාතෘභූමිය ආරක්ෂාකර ගැනිමේ ක්‍රියාන්විත වලදි දක්වන ලද සුවිශේෂි රණකාමිත්වය උදේසා රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම යන වීරක්‍රියා පදක්කම් වලින් පිදුම් ලබා ඇත.

රණක්ෂිතයට පත්විමෙන් අනතුරුවද දැඩි කැපවිමෙන් හා අධිෂ්ඨානශිලීව කටයුතු කල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශේෂ බළකා රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරි වශයෙන්ද, රණවිරු සෙවන රාගමහි අණදෙන නිලධාරි වශයෙන්ද, සෙනෙහස අධ්‍යාපන පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂක වශයෙන්ද වගකිම් සහිත තනතුරු හොබවමින් සෑම රාජකාරි කටයුත්තක්ම ඉහල වෘත්තිය මට්ටමකින් ඉටුකරන ලද අතර පැරා ක්‍රිඩා පරිපාලනය හා සම්බන්ධ වෙමින් ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ ලේකම් වශයෙන් කටයුතු කර ඇත. දේශිය විදේශිය පාඨමාලා රැසක් හදාරා තම වෘත්තිය දැනුම වර්ධනය කරගත් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වසර 33 ක දිර්ඝ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබිමෙන් පසුවද තම අත්දැකිම් හා දැනුම යුද්ධ හමුදාවේ අනාගත නායකයින් සදහා ලබාදිමට නොමසුරු විය.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව හා විශේෂ බළකා රෙජිමේන්තුවට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටුකල මෙම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහයට අවසන් ගෞරවය දැක්විම සදහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වු අතර දේහය පිළිබද අවසන් කටයුතු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධරින්, රෙජිමේන්තු මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්, නිලධාරින් හා සෙසුනිලයින්, පවුලේ සාමාජිකයින් හා ඥාතින්, ප්‍රදේශවාසින් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පූර්ණ යුධ හමුදා ගෞරව සහිතව වර්ෂ 2019 ක් වූ පෙබරවාරි මස 20 වන දින පස්වරුවේ කුරුණෑගල මල්කඩුවාව පොදු සුසානභූමියේදී සිදුකරන ලදී. විරුවානෙණි අප ඔබට නිවන් සුව පතන්නෙමු ...!!!