23rd February 2025 21:16:34 Hours
ආරක්ෂක සේනා ආඥාපති (යාපනය) හා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිණියගේ උපදෙස් මත ගැබිණි මව්වරුන් සඳහා පෝෂ්‍යදායී වියලි සලාක ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මේ අනුව 7 ශ්‍රීලපාහ බලඇණියයේ අණදෙන නිලධාරී මේජර් යූඩීඑස්ආර් උස්හෙට්ටි පීඑස්සී ශ්‍රීලපාහගේ මගපෙන්වීම මත අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වයෙන් හා බළඇණියේ සහයෝගයෙන් 2025.02. 20 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සදහා වියලි සලාක බෙදා දීම සිදුකළ අතර, එයට සමගාමීව වෛද්‍ය සායනයක් ද පවත්වන ලදී.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ගරු සභාපතිනිය සහභාගී වූ අතර, මිහිරාණි උස්හෙට්ටි, ශ්‍යාමලී කොඩිතුවක්කු යන සේවාවනිතා සාමාජිකවන් සමගින් 12 ශ්‍රීලපාහ බලඇණියේ අණදෙන නිලධාරී ද සහභාගී විය. කිලිනොච්චි සෞඛ්‍යය අමාත්‍යංශ කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් වෛද්‍ය සායනය සිදු කරන ලදී.