Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th May 2018 17:00:44 Hours

ඇමරිකා එක්සත් ජනපදයේ ශිෂ්‍ය භඨ නිලධාරින්ගේ රෙම ශ්‍රීලපාහ සංචාරය

ඇමරිකා එක්සත් ජනපදයට අයත් ශිෂ්‍ය භඨ නිලධාරින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2018 මැයි මස 24 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධ්‍යයන චාරිකාවක නිරත විය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී නිලධාරි හා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී තුමන්ලාගේ මගපෙන්විම යටතේ සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාව සඳහා පැමිණි ශිෂ්‍ය භඨ නිලධාරින් මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා උණුසුම්ව පිළිගන්නා ලදී. මෙම ශිෂ්‍ය භඨ නිලධාරින් තිස්වසරක යුද්ධයේදි තම දේශයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ප්‍රාණදානය දුන් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් රණවිරුවන් සිහිකරනු වස් ඉදිකර ඇති "අභිමන් මුදුණත" රණවිරු ස්මාරකය සහ ශ්‍රී ලංකාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අතිත මතකයන් ආවර්ජනය කිරීම සඳහා ඉදිකර ඇති කෞතුකාගාරයද නරඹන ලදී.

වසර 30ක් පුරා පැවති ත්‍රස්ථවාදි අරගලය යුදමය වශයෙන් පරාජය කිරිමේදි ශ්‍රී ලංකා පාබල හමුදාව ලැබු අත්දැකිම් පිළිබදව අධ්‍යයනය කිරීම ඔවුන්ගේ මෙම සංචාරයේ මුලික අරමුණ විය. මෙහිදි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව හදුන්වා දීම හා පාබල හමුදා ඉතිහාසය, වන්නි මානුෂිය මෙහෙයුම අතරතුර පාබල හමුදාවේ කාර්යන්, පශ්චාත් යුද සමයේ හමුදාවන්හි කාර්යභාර්ය යන කරුණු යටතේ කර්නල් එම්ජීඒඑන්බී මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, කර්නල් එස්ඩී උදයසේන ආර්එස්පී, ලුතිතන් කර්නල් ජීඒඩීකේජී ගණේගොඩ ආර්එස්පී යුඑස්පී පීඑස්සී ශ්‍රීලපාහ, ලුතිතන් කර්නල් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල පීඑස්සී ශ්‍රීලපාහ, ලුතිතන් කර්නල් ටීඩබ්ලිව්ජීඩීඑම් අමරසිංහ ආර්ඩබ්ලිව්පී පීඑස්සී ශ්‍රීලපාහ, මේජර් එච්එම්එන්බී ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ශ්‍රීලපාහ, මේජර් එම්ඒඒපී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ශ්‍රීලපාහ හා මේජර් එච්ඒජේ ආරච්චි ආර්එස්පී පීඑස්සී ශ්‍රීලපාහ යන නිලධාරින් විසින් දේශණය මෙහෙයවනු ලැබිය.

ඉන් අනතුරුව එක්සත් ජනපද ශිෂ්‍ය භඨ නිලධාරින් සියලු දෙනා ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරි නිවස්නයේ දී පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයට සහභාගි විය. දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා අප රෙජිමේන්තු මධ්‍යස්ථානයට සමුදී පිටව යන ලදී.