Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th July 2023 14:53:10 Hours

අභිනවයෙන් විවෘත වූ රෙසැමේ නිල නිවස්නය

රෙජිමේන්තු අධිපතිගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක රෙජිමේන්තුවට අයත් නිලධාරීන් හා සෙසුනිලයින්ගේ සුබසාධන කටයුතු කාර්යක්ෂමව ඉටුකරදීම හා රෙජිමේන්තුවේ රාජකාරි කටයුතු ක්‍රමවත්ව සිදුකරගැනීමේ නව සංවර්ධන සැලැස්මට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළ සුබසාධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන ලදී.

එහි එක් ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවමින් රෙජිමේන්තු සැරයන් මේජර් නිල නිවස්නයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර, එය ඉතා කෙටි කාලසීමාවක් තුළ සියලුම ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී. සම්පූර්ණයෙන් වැඩ අවසන් කරන ලද මෙම නිල නවස්නය 2023.07.08 වන දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් විවෘත කර ඉදිරි ප්‍රයෝජනය සඳහා වත්මන් රෙජිමේන්තු සැරයන් මේජර් වෙත පවරා දෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථනය තුළ ප්‍රථම වාතාවට ඉදිකෙරුණු මෙම නිලනිවස්නය සෙසුනිලයින්ගේ ජ්‍යෙෂ්ඨතමයා වෙත ලබාදුන් ඉමහත් ගෞරවාභිමානයක් ලෙස පෙන්වා දිය හැකි අතර, මෙහි සියලුම ඉදිකිරීම් කටයුතු රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුළසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය මත සිදුකළ අතර, ඒ සඳහා වත්මන් රෙජිමේන්තු සරයන් මේජර් බලලත් නිලධාරී I ජීවී කුමාර ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ කැපවීම හා බළඇණි රෙසැමේවරුන්ගෙන් ලද පූර්ණ දායකත්වය මත රෙජිමේන්තු බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ සියළුම ජෙකොනොනින්ගේ සහයෝගයෙන් ඉසේරෙ සෙබළුන් හා රෙජිමේන්තු සංවර්ධන වැඩ කණ්ඩායමේ සෙබළුන් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් තම ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යෙෂඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, බළඇණි අණදෙන නිලධාරීන්, නිලධාරීන්, හා රෙජිමේන්තු සැරයන් මේජර්, බළඇණි රෙසැමේවරුන් ඇතුළු සෙසු‍නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.