Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th February 2025 16:18:39 Hours

අභිනවයෙන් වැඩභාර ගන්නා ලද 1 ශ‍්‍රිලපාහ නව නියමුවානන්ගේ සම්ප්‍රාප්තිය

1 වන බළඇණිය ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ 32 වන අණදෙන නිලධාරී වශයෙන් නි/65946 මේජර් ඒඑස් රාජරත්න ආර්ඩබිපී ආර්එස්පී යුඑස්පී එල්එස්සී ශ‍්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වර්ෂ 2025 ක්වූ පෙබරවාරි මස 14 වන දින ඒකකය වෙත පැමිණෙන ලදී. ඒකකය වෙත සපැමිණි නව අණදෙන නිලධාරී තුමන් වෙත කඳවුරු පිවිසුම් අභියස දී සම්මාන මුරයක් පිරිනැමීමෙන් අණතුරුව ඒකක දෙවන අණදෙන නිලධාරී වන මේජර් වීඒඩීජේඩී විතාන ආර්ඩබ්ලිව්පී ශ‍්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් නව අණදෙන නිලධාරී තුමන්ව අභිමානයෙන් යුතුව පිළිගන්නා ලදී. බළඇණි මුලස්ථානය වෙත පැමිණිමේන් අනතුරුව වැඩම කර සිටි ස්වාමින්වහන්සේ ඉදිරියේ ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු උන්වහන්සේ රැස්වසිටි පිරිස හට පිරිත් සජ්ජායනා කර ආශීර්වාද කිරීමෙන් අණතුරුව අණදෙන නිලධාරී තුමන් සුභ මොහෙතින් රාජකාරී ආරම්භ කරන ලදි. ඉන් අනතුරුව පොල්තෙල් පහන දැන්විමෙන් පසු ඒකක සියලුම නිලධාරී/සෙසුනිළයින් අමතා මෙම ඒකකය වෙත ආධූනික කෙඩෙට් නිලධාරියෙකු ලෙස පැමිණ එහි අණදෙන නිලධාරි වීමේ මහගු භාග්‍ය හිමිවීම පිළිබඳ මහත් ආඩම්බරයට පත්වන බව පවසන ලද. තවද, මෙම ඒකකයේ දියුණුව හා උන්නතිය වෙනුවෙන් තමන් කැපවිමෙන් කටයුතු කරන බවද ඒ සදහා සියලු නිලධාරී/සෙසුනිළයින්ගේ දායකත්වය එතුමන් හට ලබාදෙන ලෙස ප්‍රකාශ කරන ලදි. මෙම අවස්ථාව සඳහා ඒකකයේ විධායක අධිකාරි තුමන් හා කණ්ඩායම් නිලධාරි අණදෙන නිලධාරි වරුන් සහභාගි වන ලදි. 32 වන අණදෙන නිලධාරී තුමණි ඒකකයේ දියුණුව මෙන්ම උන්නතිය උදෙසා සේවය කිරීමට අවැසි ශක්තිය ධෛර්ය්‍ය ලැබේවායි කියා ඒකකයේ සියලු නිලයින් මෙසේ ප‍්‍රාර්ථනා කරන්නෙමු.