Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th February 2019 19:27:15 Hours

අන්තර් රෙජිමේන්තු ආධුනික මුෂ්ඨි ප්‍රහාරක තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩකයින්

යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් රෙජිමේන්තු ආධුනික මුෂ්ඨි ප්‍රහාරක තරගාවලිය වර්ෂ 2019 පෙබරවාරි මස 12 දින සිට 15 දින දක්වා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරය පනාගොඩ හිදි පවත්වන ලදී.

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මගපෙන්විම යටතේ හා ශ්‍රීලපාහ මුෂ්ඨි ප්‍රහාරක ක්‍රීඩා සංචිතයේ සභාපති කර්නල් ඩබ්ලිව්එස්කේ ලියනවඩුගේ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සෘජු අධික්ෂණය යටතේ මෙම තරගාවලිය සදහා සහභාගිවු ශ්‍රීලපාහ මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම එහිදි දක්ෂ ක්‍රීඩා විලාසයක් පිළිබිඹු කරමින් සමස්ථ තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගැනීමට සමත්විය.

රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩා ක‍ණ්ඩායම් විවිධ බර පංති 10ක් යටතේ ක්‍රීඩකයින් 104 දෙනෙකු ඉදිරිපත්වු මෙම තරඟාවලියේදී ක්‍රීඩකයින් බර පංති කිහිපයක් යටතේ තරග වැදුනු අතර, ක්‍රී.ගෑ. 56 බර පංතිය යටතේ තරගවැදුනු සෙ/333399 සාසෙ දසනායක ඩීඑම්එම් සෙනි එම බර පංතියේ රන් පදක්කම ද, ක්‍රී.ගෑ. 52 බර පංතිය යටතේ තරගවැදුනු සෙ/329276 ලාකෝ අබේරත්න ආර්එම්ආර්එම් කොනොනි එම බර පංතියේ රිදි පදක්කම ද, ක්‍රී.ගෑ. 64 බර පංතිය යටතේ තරගවැදුනු සෙ/333538 සාසෙ බංඩාර ජේඑම්පීඒඩි සෙනි එම බර පංතියේ ලෝකඩ පදක්කම හා ක්‍රී.ගෑ. 81 අඩු බර පංතිය යටතේ තරගවැදුනු සෙ/333291 සාසෙ රාමනායක එම්එච් සෙනියා ලෝකඩ පදක්කම ද දිනාගත් අතර, සමස්ත තරගාවලියේම තුන්වන ස්ථානය දිනා ගැනිමට ශ්‍රීලපාහ මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම සමත් විය.

තරගාවලියේ සමාප්ති දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන්යුඑම්එම්ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී යුඑස්ඒසීජිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් ශ්‍රීලපාහ මුෂ්ඨි ප්‍රහාරක ජයග්‍රාහකයින් සදහා පිදෙන තෙවන ස්ථානය සඳහා හිමි කුසලානය, රන්, රදී, ලෝකඩ පදක්කම් හා සහතිකපත් ලබාගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රීලපාහ රෙජිමේන්තු මහකාරක ස‍භික සාමාජික බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිල‍ධාරි, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි, මුෂ්ඨි ප්‍රහාරක සංචිතයේ ලේකම් හා පුහුණුවිම් භාර නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජිඩබ්ලිව්එස්බී ගලගම ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලුව කණ්ඩායම් පුහුණුකරු වන කෝප්‍රල් කුමාර ඩීඑම්එස්, කණ්ඩායම් නායක කෝප්‍රල් ගල්කොටුව ජීජීටී යන කොනොනින් සහභාගී විය.

2019 වර්ෂයේ යුද්ධ හමුදා ආධුනික මුෂ්ඨි ප්‍රහාරක තරගාවලියේ තෙවන ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා පාබල හමුදාවට මහත් කීර්තියක් ගෙන දුන් ශ්‍රීලපාහ මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් හා අධික්ෂණ නිලධාරින් වෙත රෙජිමේන්තු අධිපති තුමන් ඇතුලු සියලු නිලයින්ගේ සුභාසිංශනය මෙසේ පිළිගන්වන්නෙමු.