Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th March 2023 18:45:51 Hours

70 වෙනි පාබල හමුදා සමුළුව

වර්ෂ 1945 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රීමත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මැතිතුගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා සංගමය වර්තමානය වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉපැරණීම හමුදා සංගමය වන අතර, එහි වාර්ෂික සමුළුව 2023 මාර්තු මස 25 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී විශ්‍රාමික නිලධාරීන් ඇතුළු එහි සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි උන්නතිය සහ සංවර්ධනය උදෙසා සහය දැක්වීමට මෙන්ම විශ්‍රාමික සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු සිදු කිරීමේ මුලික අරමුණින් ස්ථාපනය කරන ලද පාබල හමුදා සංගමයේ වර්තමානයෙහි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි ස්ථාපනය කර ඇති විශ්‍රාමික සංගම් අතර විශාල මෙන්ම ශක්තිමත්ම විශ්‍රාමික සංගමය බවට පත්ව ඇත.

මෙදින පාබල හමුදා සංගමය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කළ අතර, එහි දී ගරු සභාපති ලෙස ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී තේරීපත්විය. මෙම උත්සවය සදහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ එදා මෙදා තුර බිහිවූ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම පැරණිම පාබල හමුදා සාමාජිකයින් නොයෙක් ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූ අතර, වත්මන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ මෙම සංවත්සර උත්සවය මනාලෙස සංවිධානය කිරීමට හැකි විය.