Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

05th April 2019 21:26:37 Hours

68 වන වසර සමරන පාබල හමුදා සමුළුව

වර්ෂ 1945 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රීමත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මැතිතුගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා හමුදා සංගමය වර්තමානය වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉපැරණීම හමුදා සංගමය වන අතර, එහි 68 වන වාර්ෂික සමුලුව 2019 මාර්තු මස 30 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහිදී විශ්‍රාමික නිලධාරින් ඇතුලු එහි සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි උන්නතිය සහ සංවර්ධනය උදෙසා සහය දැක්වීමට මෙන්ම විශ්‍රාමික සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු සිදු කිරිමේ මුලික අරමුණින් ස්ථාපනය කරන ලද පාබල හමුදා සංගමයේ වර්තමානයෙහි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි ස්ථාපනය කර ඇති විශ්‍රාමික සංගම් අතර ශක්තිමත් විශ්‍රාමික සංගමය වශයෙන් පත්වී ඇත.

2019 මාර්තු මස 30 දින පැවති 68 වන පාබල හමුදා සංගමය එහි ගරු සභාපති මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සභාපතීත්වයෙන් පැවති අතර, මෙම උත්සවය සදහා පැමිණි ජ්‍යෙෂ්ඨ අනුශාසක ලුතිතන් ජෙනරාල් එච්වී අතුකෝරාල (විශ්‍රාමික) වීඑස්වී පීඑස්සී එෆ්බීඅයීඑම්, ජ්‍යෙෂ්ඨ උප අනුශාසක වරුන් වන ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී, මේජර් ජෙනරාල් එම්පීඩබ්ලිව් පොන්නම්පෙරුම (විශ්‍රාමික) ආර්එස්පී යුඑස්පී සහ භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් වන මේජර් ජෙනරාල් කේඒඩීඒ කරුණාසේකර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී, මේජර් ජෙනරාල් ඒඑම්යු සෙනෙවිරත්න (විශ්‍රාමික) ආර්එස්පී යුඑස්පී එන්ඩීසී, මේජර් ජෙනරාල් යුඒ කරුණාරත්න (විශ්‍රාමික) යුඑස්පී පීඑස්සී සහ මේජර් ජෙනරාල් එන් මල්ලවආරච්චි (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වන ලදී.

ඉහත සඳහන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට අමතරව ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී මෙම අවස්ථාව සඳහා සහභාගීවු අතර, වත්මන් රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම සංවත්සර උත්සවය මනාලෙස සංවිධානය කිරීම සඳහා රෙජිමේන්තු කාර්ය මණ්ඩලය හට මග පෙන්වීම සිදුකල අතර, 2018.03.30 වන දින අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් යෙදී තිබු නිසා මෙම අවස්ථාවට සහභාගි වීමට නොහැකි වූවත් රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුභාශිංසන පණිවිඩය මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු තුමන් විසින් සභාගත කරන ලදී.