Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th March 2018 16:33:12 Hours

67 වන වසර සමරන පාබල හමුදා සමුළුව

1945 දෙසැම්බර් මස 17 වන දින දෙවන ස්වේච්ඡා පාබල හමුදා හිටපු අණදෙන නිලධාරියෙකු වුද, මෙරටෙහි බිහිවු කීර්තිමත් අගමැතිවරයෙකු වුද, ශ්‍රීමත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මැතිතුමා පාබල සංගමයේ පළමු සභාපතිවරයාය. රාජකාරී කරමින් සිටියදී සමකාලීනයන් සමඟ ඇතිකරගත් හිතවත්කම් බැඳිම්, එකමුතුකම් හා විශ්වාසය විශ්‍රාම යෑමෙන් අනතුරුව තවදුරටත් පවත්වාගනිමින් රාජකාරී කිරිමේදී මුහුණදුන් අත්දැකීම්, බිහිසුණු අත්දැකීම් මෙනෙහි කරමින් විටින්විට හමුවී සාකච්ජා කරමින් යම් සංතෘප්තියක් ලබාගැනීම පාබල සංගමයේ මුලික පරමාර්ථය විය. එදා මෙදාතුර සෑම සභාපතිවරයෙකුම පාබල හමුදා සංගමය පෝෂණය කල අතර, ක්‍රමක්‍රමයෙන් රටේ ඇතිවු ආර්ථික අපහසුතාවයන්ට සාමාජික මහතුන් මුහුණ දුන් අවස්තාවන්හිදී සංගමය සුභසාධක සංගමයක් බවට පරිවර්ථනය කිරීමට සෑම සභාපතිවරයෙකුම ක්‍රීයාකරන ලදී. එම නිසා පාබල හමුදා සංගමය අද වනවිට අප රටේ ඇති ප්‍රබලතම සුභ සාධක සංගමයක් බවට පරිවර්ථනය වී ඇත.

පාබල හමුදා සංගමය ආරම්භයේ සිට ප්‍රථමයෙන් ලංකා පාබල හමුදාව සමඟත් දෙවනුව ශ්‍රී ලංකා පාබල හමුදාව සමඟත් මේ වන විට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සමඟත් බද්ධ වී අන්‍යෙන්‍ය විශ්වාසය, ගෞරවය අභිමානය රැකගනිමින් පැමිණි යෝධ ගමන්මඟකට හිමිකම් කියන්නේය. සංගමය වෙනුවෙන් නිත්‍ය/ස්වේච්ඡා හමුදාවන් (සේවයේ සිටින ලද) කියා නිම කළ නොහැකි දැවන්ත යෝධ ශක්තියක් හැම අවස්ථාවකදීම ලබාදී ඇත. තවද වත්මන් රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම සංවත්සර උත්සවය මනාලෙස සංවිධානය කිරීම සඳහා රෙජිමේන්තු කාර්ය මණ්ඩලය හට මග පෙන්වීම සිදුකල අතර, 2018.03.25 වන දින අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් යෙදී තිබු නිසා මෙම අවස්ථාවට සහභාගි වීමට නොහැකි වූවත් රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශුභාශිංසන පණිවිඩය මේජර් ජෙනරාල් ඒඑල්එස්කේ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු තුමන් විසින් සභාගත කරන ලදී.

පාබල හමුදා සංගමයට වසර 67ක් පිරීම නිමිත්තෙන් 2018.03.25 වන දින පැවැත්වු සංවත්සරික උත්සවයේ නියමුවන් වුයේ වත්මන් ගරු සභාපති මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී මැතිතුමා, ගරු උප සභාපති බ්‍රිගේඩියර් එස්කේජීඑන්බී ඇහැලමල්පේ ආර්එස්පී මැතිතුමා, ගරු ලේකම් ඩබ්ලිව්ජේ සිරිවර්ධන යුඑස්පී මැතිතුමා හා ගරු භාණ්ඩාගාරික මේජර් එස්ජී රංසි යුඑස්පී මැතිතුමන්ය. තවද මෙම උත්සවය සඳහා පහත නම් සඳහන් විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගි විය.

ලුතිතන් ජෙනරාල් එච්වී අතුකෝරාල වීඑස්වී පීඑස්සී එෆ්බීඅයීඑම්
මේජර් ජෙනරාල් සීඒඑම්එන් සිල්වා වීඑස්වී යුඑස්ඒඩබ්ලිව්සී
ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී
ජෙනරාල් ආර්එම්ඩී රත්නායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී
මේජර් ජෙනරාල් ඒඑම්යු සෙනෙවිරත්න ආර්එස්පී යුඑස්පී එන්ඩීසී
මේජර් ජෙනරාල් යුඒ කරුණාරත්න යුඑස්පී පීඑස්සී
මේජර් ජෙනරාල් එන් මල්ලවආරච්චි ආර්ඩබ්ලිව්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී
මේජර් ජෙනරාල් සීජේ රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී
මේජර් ජෙනරාල් ජීබීඩබ්ලිව් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
මේජර් ජෙනරාල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී