Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th March 2023 18:58:45 Hours

2022 අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ විශිෂ්ඨයන් ඇගයීම

2019 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ පිටිය මත රැඳවූ ජයග්‍රාහී සළකුණ එලෙසම රඳවාගනිමින් 2022 යුද හමුදා අන්තර් සරඹ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ කණ්ඩායමට හැකිවීම ඉපැරණි ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

මෙවර 2022 අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ රෙජිමේන්තු 20 ක් අභිබවා යමිනි. මෙම අතිවිශිෂ්ඨ ජයග්‍රහණය ඇගයීම වෙනුවෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මගපෙන්විම මත ජයග්‍රහණය සඳහා ඇපකැප වූ සරඹ කණ්ඩායමේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම උපදේශකයින්ද ඇගයීම වස් 2022.03.28 දින සන්ධ්‍යාවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කරන ලදී. මේ අවස්ථාව සඳහා රෙජිමේන්තු අධිපති සහභාගී වූ අතර, රෙජිමේන්තු මහ කාරක සභාවේ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසු නිලයින් විශාල පිරිසක් ද සහභාගී විය. මෙම අවස්ථාව සඳහා පැමිනි සියලුම නිලධාරීන් ජයග්‍රාහි කණ්ඩායමේ සියළු දෙනා එක්ව සමග සමුහ ඡායාරූපයකටද පෙනි සිටින ලදී.

ඉන් අනතුරුව සෙසුනිල භෝජනාගාර ගොඩනැගිල්ලේ දී සරඹ කණ්ඩායමේ සියළු නිලයින් හට එදින රාත්‍රීයෙහි ප්‍රණීත භෝජන සංග්‍රහයක් ලබාදුන් අතර, ඔවුන්හට ප්‍රණාම සහතිකයක් ද පිරිනමා හිමිකරගත් විශිෂ්ඨ ජයග්‍රහණය ඇගයීමට ළක් කරන ලදී.