Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

15th March 2019 20:23:37 Hours

2019 වර්ෂයෙහි අන්තර් ඒකක සංග්‍රාමික වෙඩිතැබීමේ තරගාවලිය සහ චෙස් තරගාවලියෙහි ත්‍යග ප්‍රධානොත්සවය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මගපෙන්විම අනුව හා බ්‍රිගේඩියර් ජිඑම්සිකේබී ඒකනායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්ෂණය යටතෙහි ශ්‍රීලපාහ ඒකකයන් යටතේ රාජකාරි කරනු ලබන වෙඩිතැබීම් සහ චෙස් ක්‍රීඩාව සබැදිව සහජ දක්ෂතා ඇති ක්‍රිඩකයින් හට තම දක්ෂතා පිළිබිඹු කිරිමට අවස්ථාව ලබාදිම තුලින් රෙජිමේන්තු චෙස් සහ වෙඩිතැබීම් සංචිතය වෙත දක්ෂ ක්‍රීඩකයින් තෝරාගැනිමේ අරමුණින් 2019 වර්ෂයෙහි අන්තර් ඒකක සංග්‍රාමික වෙඩිතැබීමේ තරගාවලිය 2019 ජනවාරි මස 19 වන සිට ජනවාරි මස 29 වන දින දක්වා දියතලාව ක්ෂෙත්‍ර වෙඩිපිටියේදී සහ අන්තර් ඒකක චෙස් තරගාවලිය 2019 පෙබරවාරි මස 10 සහ 11 දෙදින පුරා ප්‍රගුණ හා සැගවුනු වෙඩික්කරු පුහුණු පාසල දියතලාවෙහිදී පවත්වන ලදි. විශේෂයෙන්ම මෙම චෙස් තරගාවලිය පාබල හමුදා ක්‍රීඩා ඉතිහාසයෙහි පවත්වන ලද ප්‍රථම චෙස් තරගාවලිය වූ අතර, පවත්වන ලද අන්තර් ඒකක වෙඩිතැබීමේ තරගාවලිය දස වසරකට පසු පවත්වන ලද ප්‍රථම තරගාවලිය වේ. මෙම තරගාවලි දෙකෙහිම ජයග්‍රහනයන් ලබාගත් ඒකක වෙත සහ විෂේශ කුසලතාවයන් ප්‍රදර්ශණය කරන ලද ක්‍රීඩකයින් වෙත කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රධානෝත්සවය 2019 මාර්තු මස 15 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි දි ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.

2019 ජනවාරි මස 19 වන සිට ජනවාරි මස 29 වන දින දක්වා දියතලාව ක්ෂෙත්‍ර වෙඩිපිටියේදී පවත්වනු ලැබූ අන්තර් ඒකක සංග්‍රාමික වෙඩිතැබීමේ තරගාවලිය සදහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ඒකක 17 ක් නියෝජනය කරමින් නිලධාරීන් හා සෙසුනිලයින් 170 දෙනෙකුගෙන් සමන්විත සංඛ්‍යාවක් සහභාගී වන ලදි. මෙම තරගාවලියෙහිදී සංග්‍රාමික වෙඩිතැබීමට අදාල දක්‍ෂතාවයන් සහ කුසලතාවයන් මනාව ප්‍රදර්ෂනය කරමින් සමස්ථ තරගයෙහි ලකුණු 1285 ක් ලබාගත් 20 ශ්‍රීලපාහ වෙඩිතැබීමේ කණ්ඩායම තරගාවලියෙහි ශූරතාවය දිනාගන්නා ලදි. තියුණු තරගයකින් පසු 11 ශ්‍රීලපාහ කණ්ඩායම සහ 6 ශ්‍රීලපාහ කණ්ඩායම පිළිවෙලින් තරගාවලියෙහි දෙවන සහ තෙවන ස්ථානයන් දිනාගන්නා ලදි. අන්තර් ඒකක වෙඩිතැබීමේ තරගාවලියේ තරග කරුවන් 170 දෙනෙකු අතුරින් නි/4634 මේජර් ටිඑම්ඊආර් තෙන්නකෝන් ශ්‍රීලපාහ දක්‍ෂතම වෙඩික්කරුට හිමි ශූරතාවය දිනාගත් අතර, තරගාවලිය තුල වෙඩිතැබීමෙහි කුසලතාවයන් මනාව ප්‍රදර්ශණය කරමින් ඒ ඒ නිලයන් අනුව දක්ෂතා දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලද ක්‍රීඩකයින් පහත සදහන් පරිදි වේ.

අණදෙණ නිලධාරි - නි/4634 මේජර් ටිඑම්ඊආර් තෙන්නකෝන් ශ්‍රීලපාහ
මේජර් නිළය - නි/67994 මේජර් එම්ඒපීඒ නිලංග ශ්‍රීලපාහ
කපිතන් නිළය - නි/69649 කපිතන් බීඒපීඩීඒ බමුණුආරච්චි ශ්‍රීලපාහ
ලුතිතන් නිළය - නි/8608 ලුතිතන් එස්ඒඩි මතඟවීර ශ්‍රීලපාහ
2/ලුතිතන් නිළය - නි/10674 2/ලුතිතන් ආර්ඒකේසී රණසිංහ ශ්‍රීලපාහ
බළලත් නිලධාරි නිළය - සෙ/313932 බනි I ආර්එම්පීඑස් රත්නායක (ආර්ඩබ්ලිව්පී)
ජ්‍යෙකොනොනි නිළය - සෙ/316998 ව/සැරයන් වික්‍රමසිංහ කේපීඑස්
කෝප්‍රල් නිළය - සෙ/322407 කෝප්‍රල් වීරසිංහ යුජිපී
ලාකෝ නිළය - සෙ/324391 ලා/කෝ රාජපක්‍ෂ ආර්ඩබ්ලිව්වයිකේ
සාසෙ නිළය - සෙ/331664 සාසෙ අබේවික්‍රමසිංහ එම්පීබී

2019 පෙබරවාරි මස 10 සහ 11 යන දෙදින පුරා දියතලාව ප්‍රගුණ හා සැගවුනු වෙඩික්කරැ පුහුණු පාසලෙහිදී පවත්වනු ලැබූ අන්තර් ඒකක චෙස් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ඒකක 16 ක් නියෝජනය කරමින් නිලධාරීන් හා සෙසුනිලයින් 94 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක සංඛ්‍යාවක් සහභාගී වන ලදි. මෙම තරගාවලියෙහිදී චෙස් ක්‍රීඩාවට අදාල දක්‍ෂතාවයන් සහ කුසලතාවයන් මනාව ප්‍රදර්ෂනය කරමින් සමස්ථ තරගයෙහි ශුරතාවය 2 (සෙව්) ශ්‍රිලපාහ ඒකකය දිනාගන්නා ලදි. තියුණු තරගයකින් පසු 10 ශ්‍රීලපාහ කණ්ඩායම සහ 8ශ්‍රීලපාහ කණ්ඩායම පිළිවෙලින් තරගාවලියෙහි දෙවන සහ තෙවන ස්ථානයන් දිනාගන්නා ලදි. අන්තර් ඒකක චෙස් තරගාවලියේ තරග කරුවන් 94දෙනෙකු අතුරින් සෙ/ඩි101443 සාසෙ වීරසිංහ ජේඒඑම්ආර් ශූරතාවය දිනාගත් අතර, තරගාවලිය තුල චෙස් කුසලතාවයන් මනාව ප්‍රදර්ශණය කරමින් ඒ ඒ නිලයන් අනුව දක්ෂතා දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදි.

උක්ත තරගාවලියන්හී ත්‍යාග ප්‍රධානෝත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක හා ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් අන්තර් ඒකක වෙඩිතැබීම් තරගාවලියෙහි ශූරතා කුසලානය 20 ශ්‍රීලපාහ කණ්ඩායම ලබාගත් අතර අනුශූරතා කුසලානය 11 ශ්‍රිලපාහ කණ්ඩායම විසින් ලබාගන්නා ලදී. තවද මෙහිදී අන්තර් ඒකක චෙස් තරගාවලියෙහි ශූරතා කුසලානය 2 (සෙව්) ශ්‍රීලපාහ කණ්ඩායම ලබාගත් අතර අනුශූරතා කුසලානය 10 ශ්‍රිලපාහ කණ්ඩායම විසින් ලබාගන්නා ලදී. තවද තරගාවලියන් දෙකෙහිම විශේෂ දක්ෂතා දැක්වු සෙසු ක්‍රිඩකයින් සඳහා ජය සංකේත සහ සහතික පත් මෙම උත්සවය සදහා සපැමිණි මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පි, බ්‍රිගේඩියර් ඒඒඑස්පී තිලකරත්න සහ බ්‍රිගේඩියර් අයිජීආර්ජී බෝගොඩවත්ත යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිරිනමන ලදී. මෙම අවස්ථාව සදහා ශ්‍රීලපාහ මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරින්, ක්‍රීඩා සභාපති වරුන්, නිලධාරින් හා සෙසු නිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදී.මෙහිදී රෙජිමේන්තු අධිපති විසින් සියලුම ක්‍රිඩකයින් අමතන ලද අතර, ජයග්‍රාහයන් වාර්තා කරන ලද ක්‍රිඩකයින් වෙත සුභ පැතුම් පිරිනමන ලද අතර, සියලු ක්‍රිඩාවන් සදහා රෙජිමේන්තුවක් වශයෙන් උපරිම සහයෝගය ලබාදීම තුළින් ජයග්‍රාහනයන් වාර්තා කර රෙජිමේන්තු කිර්තී නාමය ඔප් නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බැව් ප්‍රකාශ කරන ලදී. තවද මෙහිදී මෙම තරගාවලියන් සාර්ථකව පැවැත්වීම සබැදිව බ්‍රිගේඩියර් ජිඑම්සිකේබී ඒකනායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දායකත්වය රෙජිමේන්තු අධිපති විසින් විශේෂ ඇගයීමකට ලක්කරන ලදි. අවසාන වශයෙන් ජයග්‍රාහනයන් වාර්තා කරන ලද ක්‍රිඩයින් සමග සමුහ ඡායාරෑප ගැනීමකින් සහ සියලු නිළ තේ පැන් සංග්‍රහය පැවැත්වීමෙන් පසුව මෙම උත්සවයෙහි කටයුතු නිමා විය.