Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th March 2019 11:20:37 Hours

2019 යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග ධාවන තරගය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රිඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබු 54 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග ධාවන තරගය 2019 මාර්තු මස 24 වන දින ගාල්ල නාගොඩ මංසන්දියේදි අරම්භ විය. මෙම මාර්ග ධාවන තරගය සඳහා රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගිවිය. සමස්ත තරගයෙහිදි ක්‍රිඩකයින් හට නාගොඩ මංසන්දියේ සිට හික්කඩුව සුමංගල විද්‍යාලය දක්වා කීලෝමිටර් 21 ක දුරක් ධාවනය කිරිමට සිදු විය.

මෙම තරගය සඳහා රෙජිමේන්තු කණ්ඩායම නියෝජනය කරනු ලැබු මලල ක්‍රිඩා කණ්ඩායම මෙහිදි විශේෂ දක්ෂඳතා ප්‍රදර්ශනය කරමින් සමස්ත තරගයෙහි අනු ශුරතාවය දිනාගන්නා ලදි. මෙම මාර්ග ධාවන තරගයෙහිදි සෙ/97355 ආසෙ තරංග එච්එච්ඒ 6 වන ස්ථානයත්, සෙ/94186 ආසෙ අංජුල පිකේඑන් 9 වන ස්ථානයත් සහ සෙ/ඩි100694 ලාකෝ බංඩාර ආර්එම්වයිජිඑන් 16 වන ස්ථානය වාර්ථා කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අනු ශුරතාවය හිමිකර දිම පිනිස මාහගු දායකත්වයක් ලබා දෙන ලදි.