Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th June 2018 18:47:21 Hours

2018/06/25 වන දින රෙම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවෙන් සිදුකරන ලද තවත් මහගු පිංකමක්

ශ්‍රී ලංකාද්වීපය වෙත ශ්‍රී සද්ධර්මය අනුබුදු මිහිදු මාහිමියන් විසින් වැඩම කරවු පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දින නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් පුජ්‍යය දොලොස්වල උදිතධීර ස්වාමින් වහන්සේ විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන් වෙත ඔවුන්ගේ ජීවිත වලට මෙම පුන් පොහෝ දිනයන් හී වැදගත්කම හා ඒ අනුව අප ජීවිත හැඩගස්වා ගන්නේ කෙසේද යන්න කාලීන කරුණු කාරණා ගෙනහැර දක්වමින් සුමදුර ධර්මදේශණයක් 2018.06.25 වන දින රෙම ශ්‍රීලපාහ දේශණ ශාලාවේ දී පවත්වන ලදී.

තවද, එයට සමගාමීව 10 ශ්‍රීලපාහ ඒකකයට අයත් ක්‍රීයාන්විතයේ දී අතුරුදහන් වු නි/63554 ලුතිතන් ටීපීඑල් රංජිත් ශ්‍රීලපාහ සහ 21 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/16ඩී00018 බනි 1 ඩීඑම්එන් ධනපාල යන අයවලුන්ගේ දු දරුවන් වෙත වෛද්‍යාධාර ලබාදීමේ පුණ්‍ය කටයුත්තක්ද සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ප්‍රමුඛ සෙසු සාමාජිකාවන් විසින් මෙදින සිදුකල අතර, එම දරුවන් සමග සුහද කතාබහක ද යෙදෙන ලදී.

මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදී.