Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

12th April 2018 20:47:11 Hours

2018 රෙම ශ්‍රීලපාහ බක්මහ උළෙල

සුර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය විමත් සමග උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙවරත් ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් විසින් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් රෙම ශ්‍රීලපාහ රසල් හයින් ක්‍රීඩාංගනයේදී 2018 ක් වු බක් මස 12 වන දින උදෑසන සිට උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. මෙවර පාබල හමුදා අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා තුෂාරි කුලතුංග මැතිණිය සහභාගි වන ලද අතර, මේජර් ජෙනරාල් ආර්ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා එම මැතිණිය විසින් ප්‍රධාන ආරාධිතයින් මහත් හරසරින් පළිගන්නා ලද අතර, මෙම උත්සවය සඳහා මේජර් ජෙනරාල් ඒඑල්එස්කේ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගි වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන රසල් හයින් ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබු මෙම අලුත් අවුරුදු උළෙල වර්ණවත් කරමින් සිංහල සංස්කෘතික අංගයන්ට මුල්තැන දෙමින් තරඟ ඉසව් රැසක් පවත්වන ලදී. ඒ අතර, ගම හරහා දිවිම, කොට්ටාපොරය, අවුරුදු කුමරිය තේරීම, ලිස්සන ගසේ නැගීම වැනි ජන ක්‍රීඩාවන්ට ප්‍රධාන තැනක් හිමිවිය.