Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th September 2018 18:11:37 Hours

2018 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා තරඟාවලියේ ශූරතාවය රෙජිමුබ ශ්‍රීලපාහ විසින් දිනා ගනී

21 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා තරඟාවලිය 2018 සැප්තැම්බර් මස 19, 20, 21 යන තෙදින තුල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි පවත්වන ලද අතර, මෙම තරඟාවලියේ මළල ක්‍රීඩා ශූරතාවයත්, සමස්ථ ශූරතාවයත් දිනා ගනිමින් 14 වන වරටත් පාබල හමුදා රෙජිමේන්තුව රනින් බැබලවිමට රෙජිමුබ ශ්‍රීලපාහ ක්‍රීඩා කණ්ඩායම සමත්විය.

තරඟාවලිය පුරා විශිෂ්ඨ දක්ෂතා පිළිබිඹු කල පාබල හමුදා ක්‍රීඩකයින් එහිදි රන් පදක්කම් 58, රිදි පදක්කම් 54 හා ලෝකඩ පදක්කම් 38 ක් ලබා ගැනිමට සමත් වු අතර, සමස්ත තරඟාවලියේ තරඟ 07ක ශූරතාවය හා තරඟ 03 ක අනුශූරතාවය දිනා ගැනිමට සමත්විය. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි, නියෝජ්‍ය සේනාවිධායක ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි හා රෙජිමුබ ශ්‍රීලපාහ අණදෙන නිලධාරි මේජර් ආර්එම්එස් රාජකරුණා ශ්‍රීලපාහගේ අධික්ෂණය යටතේ ක්‍රීයාකල රෙජිමුබ ශ්‍රීලපාහට අයත් සියලුම නිලධාරි හා සෙසුනිලයින්ගේ අධිෂ්ඨානශීලි බව හා දැඩිකැපවිම මෙම තරඟාවලිය ජයගැනිම සඳහා ඉවහල්විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන්යුඑම්එම්ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි ගේ ආරාධනයකට අනුව සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහභාගි වූ අතර මෙම ක්‍රීඩා උළලේ ජවන හා පිටිය තරඟ ඉසව්වන්හි ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීම එතුමන්ගේ සුරතින් සිදුවිය. මෙම අවස්ථාව සඳහා ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි, රෙජිමේන්තු මහා කාරකසභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා, නිලධාරින් හා සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදී.