Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th January 2026 16:40:06 Hours

“දිට්වා”ආපදාවෙන් විපතට පත් රණවිරුවන් අත්නොහල ශ්‍රී ලංකා පාබල හමුදාව

“දිට්වා” සුලි කුණටු තත්වය හේතුවෙන් දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය මත ගංවතුර හා නායයාම් වලට ලක්වූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය හා බළඇණිවල රාජකාරියේ නියුතු නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් 188 ක් හා එම පවුල්වල පාසල් ළමුන් 222 ක් පමණ පීඩාවට පත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම මත පීඩාවට පත් පාබල හමුදාවට අයත් රණවිරුවන්ගේ පාසල් යන දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ, පාසල් නිලඇදුම් සහ පාසල් පාවහන් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් 2026 ජනවාරි මස 02 වන දින රෙජිමේන්තුවට අයත් සෙසුනිලයින් 186 දෙනෙකුගේ හා සිවිල් සේවක මහත්වරුන් දෙදෙනෙකුගේ දූ දරුවන් 222 දෙනෙකු වෙත පාසල් උපකරණ, පාසල් නිල ඇදුම් සහ පාසල් පාවහන් බෙදාදීම සිදු කරන ලදි.