Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd April 2021 16:16:10 Hours

සේවා වනිතා ශාඛාවේ නව සභාපති තුමිය තම ධුරයේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ධුරයේ මාස 05 කට කාලසීමාවක් රාජකාරි කරනු ලබු හිටපු ගරු සභාපතිනි සුජිවා ශ්‍රීමතී ද ආබ්‍රේව් මහත්මිය සමුගැනිමෙන් පසු එම තනතුර සදහා 2021.04.21 වන දින සිට 10 වන ගරු සභාපති තුමිය වශයෙන් ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මිය පත්වු අතර එම මහත්මිය විසින් දැනට රටතුල පවතින කොරෝනා වැලැක්විමේ නිතිරීතීන්ට අනුකුලව 2021.04.22 වන දින 0931 පැයට යෙදුන සුභ මොහොතින් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී. එම අවස්ථාව සදහා රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු පාබල හමුදා මන්ත්‍රණ සභාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් කිහිප දෙනෙකුද, ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් කිහිප දෙනෙකු සහ මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකුද සහභාගි වන ලදී.