Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th April 2026 15:37:05 Hours

සේවාවනිතා කාර්යාලීය රාජකාරියේ නියුතු සෙබළුන් වෙත අලුත් අවුරුදු ත්‍යාග පිරිනමයි.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදේශකත්වය හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ මගපෙන්වීම මත සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සේවා වනිතා ව්‍යාපෘතීන්හි රාජකාරියේ නියුතු සෙබළුන් වෙත ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් 2026.04.10 වන දින පවත්වන ලදී

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව යටතේ පවත්වාගෙන යනු ලබන සුභසාධන ආයතනයන්හි අභිවෘද්ධිය උදෙසා දිවා රැ නොබලා තම රාජකාරි කටයුතු සිදුකරනු ලබන පාබල හමුදා සෙබළුන්ගේ සේවය ඇගයීම වස් අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීම සිදුකළ අතර, සේවා වනිතා ගරු සභාපතිනිය ප්‍රමුඛ එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු නිලධාරින් හා කාර්ය මණ්ඩලයේ සියළුම සාමාජිකයින් මේ සඳහා සහභාගී විය.