Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th June 2024 21:55:16 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාසල් ළමුන් හට පාසල් උපකරණ කට්ටල බෙදා දීම

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ මගපෙන්වීම මත 2024.06.14 වන දින ගංවතුර හේතුවෙන් ආපදා තත්වයට පත්ව ඇති බප/හෝ/වග ශ්‍රී රතනසාර මධ්‍ය විද්‍යාලයේ ළමුන් වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා සේවා වනිතා ශාඛාව වෙතින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් සිදුකරන ලදී.

හෙට දින අනාගතය භාරගැනීමට සූදානමින් සිටින දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවෙන් සිදුකෙරෙන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක තවත් එක් සමාජීය සත්කාරයක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ද සේවා වනිතා සම්බන්ධිකරණ නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.