Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th June 2024 22:36:19 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ අභිමංසල කඹුරුපිටිය සුව සහන මධ්‍යස්ථානයේ සංචාරය

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2024.06.15 වන දින අභිමංසල කඹුරුපිටිය සුව සහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසිම සඳහා සංචාරයක් සිදු කරන ලදි.

තම රට ජාතිය සුරකීමේ පරම පිවිතුරු චේතනාවෙන් යුතුව තම තාරුණ්‍ය කැප කරමින් කුරීරු ත්‍රස්තවාදයට එරෙහිව කාය දානය පුද කරමින් යුධ වැද දැනට රණක්‍ෂිතයටපත්ව සිටින විරෝධාර රණවිරුවන්ගේ සේවය අගයමින් ඔවුන්හට කෙටි ආහාර සමගින් තේ පැන් සංග්‍රහයක් හා සනීපාරක්‍ෂක කට්ටල ලබාදි සුවදුක් විමසා බැලිම සඳහා ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද, පාබල හමුදා මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.