Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th May 2024 06:47:04 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කළ 100 වන මහා කාරක සභාව

වසර 143 ක් ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් 100 වන මහා කාරක සභා රැස්වීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2024 ක් වූ මැයි මස 16 වන දින පාබල හමුදා රෙජිමේන්තු පරිශ්‍රයේදී අතිසාර්ථකව පවත්වන ලදී.

පාබල හමුදා රෙජිමේන්තුවේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා සුවිශේෂී තීරණ මෙහිදී සාකච්ඡාවට බදුන් කරන ලදී. මෙවර පවත්වනු ලැබූ 100 වන මහා කාරක සභා රැස්වීම සඳහා රෙජිමේන්තු අධිපති ප්‍රමුඛ මහාකාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.