Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
04th July 2024 21:16:15 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ 2(සෙව්) ශ්‍රීලපාහ බළඇණි සංචාරය
යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ 17 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ හත්වන අදියර සනිටුහන් කරමින් 2024 ජුලි මස 04 වන දින 2 (සෙව්) ශ්‍රීලපාහ බළඇණියේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී. සංචාරයේදි 2 (සෙව්) ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරී මේජර් ඒජීඑන් ධනසිරි ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදි. කඳවුරු පරිශ්‍රය නිරික්ෂණය කිරීමෙන් පසුව රෙජිමේන්තු අධිපති සියලුම භඨ පිරිස් අමතමින් සෙබළ විනය, රැකියා සුරක්ෂිත භාවය, පුද්ගල ආරක්ෂාවේ නිතීය, මත්පැන්/මත්ද්‍රව්‍ය අවභාවිතය, වැටුප් කළමනාකරණය, වෘත්තිය නිපුනත්වය තුලින් සාර්ථක සොල්දාදුවෙකු බිහි කිරීම යන කරුණු පදනම් කරගනිමින් හරවත් දේශණයක් සිදු කරන ලදී. එමෙන්ම මෙම සංචාරයේදී බළඇණියේ ඉදිරි සංවර්ධන කටයුතු සහ සෙබළුන්ගේ සුබසාධනය තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදීමෙන් පසුව රෙජිමේන්තු අධිපති සිය බළඇණි සංචාරය නිමකරන ලදී.