Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th April 2019 17:03:51 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික සහ සේවයේ නියතු අණදෙන නිලධාරි වරුන් සහ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර් වරුන්ගේ සුහද හමුව

4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් අයීආර් හේවාපතිරන ආර්එස්පී පීඑස්සී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ නිලධාරි/ සෙසුනිලයින්ගේ දායකත්වයෙන් කායවර්ධන ව්‍යායාම් කට්ටල ප්‍රධානය කිරිමේ උත්සවය හා සුහද හමුව ඉතා උත්කර්ෂවත් අන්දමින් 2019.03.29 දින දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණ භූමියේදි පවත්වන ලදී.

2018 පාබල මේලා සැණකෙලිය සදහා අප ඒකකයේ නිලධාරි/ සෙසුනිලයින් ලබා දුන් දායකත්වය වෙනුවෙන් රෙම ශ්‍රීලපාහ වෙතින් එහි ලාභාංශය වශයෙන් ඒකකයේ සුභසා‍ධක කටයුතු සදහා ලබා දුන් මුදල් වලින් ඒකකයේ නිලධාරි/ සුභසාධනය උදෙසා නවීන වර්ගයේ කායවර්ධන ව්‍යායම් කට්ටලයක් ලබාගත් අතර, එම ව්‍යායාම කට්ටල ප්‍රධානය කිරිමේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ‍ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වු අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් එම ව්‍යායාම කට්ටල විවෘත කරන ලදී. එම උත්සවය සදහා දැනට විශ්‍රාමික යුද්ධ හමුදාධිපති එස්එච්එස් කොට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු සහ හිටපු අණදෙන නිලධාරි වරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් සහභාගි වන ලදී.

එමෙන්ම මෙම උත්සවය සදහා සහභාගි වු ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් සදහා ප්‍රනීත රාත්‍රි භෝජන සංග්‍රහයක්ද සුදානම් කර තිබු අතර උත්සවයේ වැඩ කටයුතු ඉතා උසස් අන්දමින් නිමා වන ලදී.